පැහැදිලිවම කියන්න පුළුවන් තව මාස කිහිපයකට තෙල් මිල අඩුවෙන්නේ නම් නෑ – තෙල් සංස්ථා MD

සටහන – රුවන් නෙළුගොල්ල

ජුනි මාසය සඳහා ඉන්ධන මිල අඩුවීමක් කිසිසේත්ම සිදුනොවන්නේ යැයි පැහැදිලිවම පැවසිය හැකි බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පවසයි.

“පැහැදිලිවම කියන්න පුළුවන් මිල අඩුවීමක් වෙන්නේ නැහැ කිසිසේත්ම මේ මාසයේ හෝ ඉදිරි මාසයේදී. බොහෝදුරට සැප්තැම්බර් විතර වෙනකල් මිලේ අඩුවීමක් නම් බලාපොරොත්තු වෙන්න බැහැ. නමුත් වැඩිවීමක් තියෙනවාද කියන එක මේ වෙනකොට අපට කියන්න පුළුවන්කමක් නැහැ, අපි ඒක අධ්‍යනය කරමින් ඉන්නේ. අපි බලන්නේ අද හවස් වෙද්දී තමයි ලෝක වෙළඳපොලේ ජාත්‍යන්තර මිල ප්‍රකාශයට පත්කරන්නේ. 31 වෙනිදා තමයි සාමාන්‍ය විදියට මිල ප්‍රකාශයට පත්කරන්නේ. නමුත් මේ සැරේ 31 වෙනිදා ඉරිදා දිනයක් වෙන හින්දා අද හවස වෙද්දී ලෝක වෙළඳපොලේ තෙල් මිල කොහොමද කියන එක ප්‍රකාශයට පත්වෙනවා. ඒ සියල්ල බලලා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නවා. නමුත් ඒ සම්බන්ධයෙන් මේ වෙනකොට විශේෂ සාකච්ඡාවක් ආරම්භ කරලා නැහැ. සාකච්ඡා වාර කිහිපයක් යන්න ඕනෙ. පැහැදිලිවම මිල අඩුවීමක් වෙන්නෑ. සමහර වෙලාවට මේ ගාණටම තියනවාද, සුළු වැඩිවීමක් වෙනවාද කියන එක තමයි අධ්‍යනය කරන්න ඕනෙ. හැබැයි පැහැදිලිවම විශාල වැඩිවීමක් වෙන්නෙ නැහැ. ඒ සම්බන්ධව අනියත බියක් ඇතිකරගන්න ඕනෙ නැහැ. මොකද සාමාන්‍යයෙන් 4 වෙනි මාසෙ තමයි ලෝක වෙළඳපොලේ ඩීසල් බැරලයක් ඩොලර් 290ක තත්වයේ තිබුණේ. දැන් තියෙන්නෙ 140 – 150 ප්‍රමාණයේ. හැබැයි ඒක යුද්ධයට කලින් තිබුණේ 80 – 90 ප්‍රමාණයේ. මිල පහත බැහැලා තියෙනවා, නමුත් ඒ ඒ පහත බැසීම කලින් යුද්ධයට පෙර තිබුණු තත්වයට වඩා අඩුවෙලා නැහැ”

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා මේ බව පැවසුවේ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නවරාත්‍රී පූජාව අගමැතිනියගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේදී සමරයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්‍රයේ...

සොයිසාපුර වෙඩි තැබීමෙන් හෝටල් හිමිකරු මියයයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : මොරටුව සොයිසාපුර ප්‍රදේශයේදී...

හූති ප්‍රහාර වලින් ආරක්ෂා වීම සඳහා බ්‍රිතාන්‍යය, සෞදියට ප්‍රහාරක ජෙට් යානා ලබා දේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 20 : යේමනයේ...

CIDය ඩග්ලස් දේවානන්දාගේ නිවස සහ කාර්යාලය වැටලූයේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 20, කොළඹ LNW : හිටපු අමාත්‍ය ඩග්ලස්...