කොළඹ LNW: ළමා අපයෝජනයන්ට විරෝධය පළකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (29) පස්වරුවේ විරෝධතාවක් පැවැත්විය.
නීතියේ රැකවරණය ලැබිය යුත්තේ අපයෝජකයින්ට නොව දරුවන්ට බවත් ඒ වෙනුවෙන් සමාජය පෙනී සිටිය යුතු බවටත් එහිදී අවධාරණය කෙරුණි.
ළමා අපයෝජනයන්ට එරෙහිව තවදුරටත් නිහඬව සිටීම යනු අපයෝජකයින්ට රුකුල් දීමක් වන හෙයින් නීතියේ සාධාරණත්වය ක්රියාත්මක වීම පෙනෙන්නට තිබිය යුතු බවයි විරෝධතාකරුවන් තවදුරටත් පෙන්වා දුන්නේ.
දේශපාලන හා සිවිල් සමාජ ක්රියාකාරිකයින්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාව පවත්වන ලදී.
ජායාරූප – අජිත් සෙනෙවිරත්න













