පොසොන් සතිය හෙටින් ඇරඹේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  හෙටින් (31)  ආරම්භ වන පොසොන් සතිය ලබන මස 06 වනදා දක්වා මිහින්තලය, අටමස්ථානය සහ තන්තිරිමලය කේන්ද්‍රකර ගනිමින්,  පැවැත්වීමට සැලසුම් කර ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා සඳහන් කළ අතර , පොසොන් සතිය තුළ දිස්ත්‍රික්කයේ සියලුම සුරාසැල් වසා දමන බව ද පැවසීය.

එමෙන්ම  මේ සතිය තුළ මස් මාංශ වෙළෙඳසැල් වසා තබන ලෙසත් , එම ප්‍රදේශයන්ට මත්පැන් රැගෙන ඒමෙන් වළකින ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව පළාත් පාලන කොමසාරිස්වරයා විසින් නියෝග කර ඇත.

රජය දැඩි මුල්‍ය අපහසුතාවයකින් වුවත් ජනතාවගේ පහසුව වෙනුවෙන් කටයුතු සුදානම් කර ඇති  අතර ,  පොසොන් උත්සවය සැණකෙළියක් නොකරගත යුතු යැයි ද කොමසාරිස්වරයා පැවසීය.
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප් යළි ඇවිලෙයි – ආනයනික තීරු බද්ද ගැන නැවතත් අවධානය!

කොළඹ LNW:ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු...

තවත් වෙඩි තැබීමක්: දෙදෙනෙකුට තුවාල!

අද (03) දින කඳාන පොදු වෙළඳ සංකීර්ණය අසල සිදුවූ...

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...