අපේ රටේ කම්කරු නීති පරණයි – සමන් රත්නප්‍රිය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, කම්කරු නීති සංශෝධනය සඳහා ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති සබඳතා අංශය සියලු වෘත්තීය සමිති සහ අදාළ බළධාරීන් කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි.

වැඩි දුරටත් ඒ පිළිබඳ පැවසූ රත්නප්‍රිය මහතා,

“අපේ රටේ කම්කරු නීතිය පරණයි. කම්කරු නීතිය අලුත් කරන්නට ඕනේ. සුළු සුළු ආකාරයේ වෙනස්කම් සංශෝධනය කළාට රට ලෝකෙට අරගෙන යන්න ඕනේ කියන කාරණේ දිහා බලලා නීතිය අලුත් කරන්න සමස්ත ආකාරයේ සංශෝධනයක් කරන්න කම්කරු නීතියට අනුව කටයුතු කරලා නෑ.

දැන් අපේ රටේ රාජ්‍ය අංශට එක නීතියක් තියෙනවා පෞද්ගලික අංශයට එක නීතියක් තියෙනවා. මේවා වෙනස් වෙන්නට ඕනේ. මේවා සාමාන්‍යයෙන් කරන්නේ රටේ ආදාළ පාර්ශව එකඟ කරගෙන. සාකච්ඡා ඇතුළේ තමයි මේ නීති සංශෝධනය කරන්න ඕනේ. ඒගොල්ලෝ යෝජනා කරලා තියෙන්නේ කම්කරු අමාත්‍යාංශය විදියට හදන්න කෙටුම්පතක්. ඒ කෙටුම්පත අපිට දෙන්න ඊට පස්සේ අපි අපේ යෝජනා දෙන්නම්. කොටුම්පත හදන්නත් වෘත්තීය සමිත එකතු වෙන්න ඕනේ. ආරම්භයේ සිටම එකතුවෙන්න පුළුවන් නේ. ඒ නිසා හදන වේලාවේ ඉඳලම මැදිහත් වෙන එක අතිශය වැදගත් කාරණයක්.”
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝක කුසලාන තරගවලදී තවත් ශ්‍රී ලාංකිකයෙකුගෙන් දස්කම්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ හුස්ම හිර...

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...