‘ආගමික පොලිසියක්’ ගැන කතාව ‘ප්ලාන්ට්’ එකක්!

The Leader: ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා ක්‍රියාත්මක වීමට වහාම ක්‍රියාත්මක වන පරිදි විශේෂ පොලිස් ඒකකයක් ස්ථාපිත කිරීමට ජනාධිපති වික්‍රමසිංහ උපදෙස් දී ඇතැයි ඇතැම් මාධ්‍යවල පළ වී ඇති වාර්තා අසත්‍ය බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

පසුගිය කාලය පුරාම මෙවැනි කණ්ඩායම් රටේ තැන් තැන් වලින් මතුවූ අතර ඔවුන්ගේ මෙම ක්‍රියා ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම වෙනුවෙන්  සංවිධානාත්මකව කරන ක්‍රියාවක් මිස අහඹු ක්‍රියා නොවේ යැයි ජනාධිපතිවරයා වෙත ලැබුණු බුද්ධි තොරතුරු වලට අනුව ‘ආගමික සංහිදියාව රකින්න විශේෂ පොලිස් ඒකකයක්’ කඩිනම් පිහිටුවන ලෙස ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇතැයි ද මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

මෙම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසුයේ ‘ආගමික පොලිසියක්’ පිහිටුවන ලෙස ජනාධිපතිවරයා කිසිවකුට හෝ උපදෙස් දී නොමැති බවයි.

ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රට දරුණු ආර්ථික අස්ථාවර තත්ත්වයකට මුහුණ දී තිබූ අවස්ථාවේ එම තත්ත්වය අසීරුවෙන් ස්ථායීකරණය කරමින් ඉදිරියට ගමන් කරවීම ඇරැඹුමේ දීම ආගමික සංහිදියාව බිද දමමින් ජන කොටස් අතර විරසකයක් ඇති කොට යළි රට කඩා වැට්ටවීමට උත්සායක් ක්‍රියාත්මක වන  බවට ලැබුණු බුද්ධි තොරතුරවලට අනුව ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙස අදාල බලධාරීන්ට ජනාධිපතිවරයා විසින් උපදෙස්දී ඇතැයි ද එම නිලධාරියා කියා සිටියේය.

ඒ අනුව, ආගමික සංහිඳියාවට බාධා කරන කණ්ඩායම් පිළිබඳව සොයා බලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හෝමාගම පොලිස් කූඩුවේ සිටි තරුණයකු මරුට. ඥාතීන්ගෙන් පොලීසියට දැඩි චෝදනා

මත්ද්‍රව්‍ය චෝදනාවක් මත හෝමාගම පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන...

ලංකා IOC ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

බ්‍රිතාන්‍යයට Boelo කුණාටුවෙන් දැඩි බලපෑම්; නිවාස 82,000කට විදුලියත් විසන්ධි වෙයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 25, LNW (කොළඹ):  බ්‍රිතාන්‍යයට බලපා ඇති Boelo...

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...