ධම්මිකගේ ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් 140 වැනි ශාඛාව රාජ්‍ය ඇමති ඩී.වී. චානක අතින් විවෘත කෙරේ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ධම්මික සහ ප්‍රිසිලා පෙරේරා පදනම විසින් ආරම්භ කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහනේ 140 වැනි ශාඛාව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේදී මැයි 27 වනදා විවෘත කෙරිණි.

ඒ, අඟුණකොළපැලැස්ස අලුත්වැව පුරාණ රජමහා විහාරස්ථානයේදී ය.

මෙම අයිටී කැම්පස් ශාඛාව ස්ථාපනය කිරීම සඳහා විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා දායකත්වය දක්වා තිබුණු අතර ඒ අනුව ඒ මහතා අතින් මෙම මධ්‍යස්ථානය විවෘත කරන ලදී.

මෙහි සිසු සිසුවියන් 800 දෙනෙකුට නොමිලේ පරිගණක භාෂා අධ්‍යාපනය ලැබීමට පහසුකම් සලසා ඇත.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන ඔස්සේ සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන රැකියා ඉලක්කගත පරිගණක භාෂා පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25 කි. ඔබේ දරුවාත් අදම ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් සමග සම්බන්ධ කරවන්න .

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 12) දිනයේදී උතුරු ,...

ජනේරුව හෙවත් අවසන හෝ ඇරඹුම

ළමැද්දට අත තියා හිත සොයනවැරැද්දට ස්නේහයම විසිකරනපුරුද්දට අත් අකුරු...

රනිල්ගේ නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ බෙදීමක් ?

ලන්ඩන් සංචාරයකදී රජයේ මුදල් අවභාවිතා කළ බවට එල්ල වී...

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...