කොළඹ LNW:ඉදිරි කාලය තුළ මැතිවරණයක් පැවැත්වුවහොත් රට වසරක පමණ කාලයකින් ආපස්සට යන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.
මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ සැණින් පූර්ව මැතිවරණය සමයක් සහ පසු මැතිවරණය සමයක එන හෙයින් වසරක පමණ කාලයක් රටට අහිමි වෙන බවයි ඔහු සඳහන් කරන්නේ.
වැටී තිබුණ රට මේ දක්වා ගොඩගෙන ඇත පසුබිමක රංගේ බණ්ඩාර මහතා පවසන්නේ විපක්ෂයත් එක්වී මේ ගැන සිතා ඔවුන්ගේ පාර්ලිමේන්තු යෝජනාවක් ලෙස තව වසර දෙකක පමණ කාලයක් රට යථා තත්ත්වයට පත්කරගැනීමට කාලය ගැනීම වැදගත් බවයි.
එහෙත් එයට විපක්ෂය කලබල වී සිටින බවටයි මාරසිංහ මහතා පවසන්නේ.
”මැතිවරණයක් තිබ්බොත් වෙන්නේ පූර්ව මැතිවරණ සමයක් එනවා. පසු මැතිවරණ සමයක් එනවා. ආසන්න වශයෙන් අවුරුද්දක කාලයක රට ආප්සට යනවා. ඒක නවත්වාගන්න බැහැ. මැතිවරණයක් කැඳවූ ගමන් රාජ්‍ය නිලධාරීන් කිසිවෙක් වැඩකරන්නේ නැහැ. රටේ යාන්ත්‍රණයම අකර්මන්‍ය වෙනවා. සංවර්ධන කටයුතු සියල්ල ඇනහිටිනවා. මේ ගැන කල්පනා කරලා විපක්ෂය ලෙස සජිත් ප්‍රේමදාස මහත්තයටත් අනුර දිසානායක මහත්තයටත් පුළුවන් මේ ගැන පාර්ලිමේන්තුවට යෝජනාවක් කරලා කාලය දෙන්න. ඒකට විපක්ෂයේ අය කලබල වුණානේ. කවුද මේ රටේ පෙළපාලි ඇවිල්ල ජන්දේ ලබන මාසේ තියන්න කිව්වේ. මුලින් කිව්වේ රනිල්ට මේක කරන්න බැහැ කියල දැන් කියන්නේ රනිල්ට තමයි මේක කරන්න පුළුවන් කියල. බලය නැති කාලේ වගේ නෙවෙයි බලය ලැබුනහම එතුමා වැඩ කරන්නේ කොහොමද කියල දැන් ලෝකයම දකිනවා. ඒකනේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඒ ගැන හොයන්න මෙහෙට එන්නේ. රංගේ බණ්ඩාර මහත්මයා කිව්වේ ඕක.ඔහු ඉදිරිපත් කරන්නේ හොඳ තර්කයක්.” යනුවෙන් ආශු මාරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ආශිකා බ්‍රාහ්මණ