චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ පැවැත්මට බාධා කිරීමට චීනයෙන් විරෝධයක්!

Date:

කොළඹ LNW:විවිධ නඩු කටයුතු මුවාවෙන් චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ නීතිමය යහපැවැත්මට බාධා කිරීමට සම්බන්ධයෙන් චීනය සිය විරෝධය පළ කරයි.

සුළුතර බටහිර රටවල් හොංකොං හි ‘35+’ නීත්‍යනුකූල නොවන මූලික ඡන්ද විමසීමේ නඩුවේ ප්‍රතිඵලය පිළිබඳව විවේචනාත්මක අයුරින් දැක්වූ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඊයේ(30) පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසුවාය.

හොංකොං විශේෂ පරිපාලන කලාපය නීතිමය සමාජයක් ලෙසට ක්‍රියාත්මක වන බව ඇය සඳහන් කරන ලදී.

කවුරුන් හෝ නීතියට එරෙහිව ක්‍රියා කළහොත් දඬුවම්වලට ලක් කෙරෙනු ඇත. හොංකොං හි නීතිමය හා අධිකරණ ආයතන සිය වගකීම් හා යුතුකම් සිදු කරමින් ජාතිකාරක්ෂාවට අනිසි බලපෑම් එල්ල කරන කවර ආකාරය‍ක හෝ ක්‍රියාවන්ට එරෙහිව නීත්‍යනුකූලව ක්‍රියා කිරීමට චීන මධ්‍යම රජය තරයේ සහාය වන බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළාය.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

27 වැනි වරටත් පැවැත්වුණු ජනාධිපති අපනයන සම්මාන උළෙල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12, කොළඹ LNW : කර්මාන්ත සහ ව්‍යවසායකත්ව...

ලෝක කුසලාන ප්‍රවේශ පත්‍රයක් ලංකාවේදී රුපියල් 1000 ට දීලා තව 100000 ක් හොයන්න බැරිද?

නිශ්මං රණසිංහ දෙසැම්බර් 12, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

තායිලන්ත පාර්ලිමේන්තුව විසුරවා හැරේ

සටහන : සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්ත...

අපි ඉපදිලා තියෙන්නෙ හරි අවුල් තැනක ….

අද වීඩියෝවක් ශෙයා වෙනව දැක්කා, ඒක පිලිපීනෙ මහල් නිවාසයක...