අපිට කැරට් පෙන්නලා ඇමතිලා වාහන ගෙන්න ගන්න හදන්නේ – වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන් රජයට විරෝධය!

Date:

කොළඹ LNW:ආර්ථික කඩා වැටීම හමුවේ වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා මේ වන විට වසර හතරක පමණ කාලයක් ඉකුත්ව ඇති නමුත් තවදුරටත් එම ප්‍රශ්නය නිරාකරණය කිරීමට රජය අපොහොසත්වී ඇති බව ශ්‍රීලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පෙන්වාදෙයි.

එහි සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසන්නේ ක්‍රමානුකූලව වාහන ආනයනය කිරීමට අවස්ථාව දෙන බව පැවසුවද තාමත් ඊට දිනයක් හෝ ලබා දී නොමැති බවයි.

”අපි වාහන ආයතනය කළාම 200% ක් පමණ රජය බදු ගන්නවා. මේ වාහන ගේන්න අවසර දෙනවා කියන කැරට් අලය පෙන්වා සූදානම් වෙන්නේ මැති ඇමති වරුන්ට අවශ්‍ය වාහන ටික ගෙන්වා දෙන්නයි.අපි සාකච්ඡා කලා. අපි කියන්නේ ක්‍රමානුකූලව මේ වාහන ආනයනය ඇති කළ යුතුයි.දැන් තිබෙන වාහන පරණයි. මේ කර්මාන්තය අමාරු තැනක දැන් තිබෙන්නේ.ගොඩක් අය ව්‍යාපාරය අතහැර තිබෙනවා. ඒක 50% ක 60% ප්‍රමාණයක්. දැන් මිල සාධාරණද නැද්ද කියන්න බෑ. ඉල්ලුම හා සැපයුම එක්ක ඒක තීරණය වෙන්නේ. එදා ඉඳලම වාහනවලට වැඩි මිලක් ගෙවන්න පාරිභෝගිකයන්ට සිදු වුණා.
එක පාරට වාහන සියල්ල ගෙන්වන්න කියලා අපි කියන්නේ නෑ. අත්‍යාවශ්‍යම වාහන ටික මුලින් ගෙන්විය යුතුයි. වාහන ආනයනය ආරම්භ කලත් ලොකු මිල අඩුවීමක් බලාපොරොත්තු වෙන්න බෑ, ඒ අතරේ වාහන මිල වැඩි වෙයිද කියලත් සැකයක් තියෙනවා.”
යනුවෙන් මානගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇල්බේනියාවේ ආණ්ඩු විරෝධී විරෝධතා ප්‍රචණ්ඩකාරී වෙයි:13 දෙනෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇල්බේනියාවේ අගනුවර වන...

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...