‘කවදාවත් යටත් වෙන්න එපා’ ට්‍රම්ප්ගේ ආධාරකරුවන් සමාජ මාධ්‍ය ජාලාවල යකා නටයි

සටහන: සශිකලා මධුෂාණි,මැයි 31,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිව් යෝර්ක් ජූරි සභාවක් විසින් සාපරාධී චෝදනා 34 ක් සම්බන්ධයෙන් වරදකරු ලෙස තීන්දු කිරීමත් සමඟ ට්‍රම්ප්ගේ ආධාරකරුවන් ජුරිගේ තීන්දුව ප්‍රතික්ෂේප කරමින් ඊට එරෙහිව කැරලි ඇති කිරීමට ප්‍රචණ්ඩකාරී පළිගැනීම් සිදු කිරීමට කරන ලද ඉල්ලීම් වෙබ් අඩවි පුරා වෛරසයක් ලෙසින් පැතිර යමින් ඇති බවයි වාර්තා වන්නේ,

ට්‍රම්ප් අපරාධයකට වරදකරු වූ පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසුව, ඔහුගේ ආධාරකරුවන් ප්‍රචණ්ඩ සබැඳි පෝස්ට් විශාල වශයෙන් බෙදා ගන්න බව වාර්තා වේ. ට්‍රම්ප්ද සිය සමාජ මාධ්‍ය Truth Social වේදිකාවේ දිගින් දිගටම සිය ප්‍රහාර දියත් කරන අතර ඔහු සියලුම චෝදනාවන්ට තමා නිවැරදිකරු වන බව පවසමින් මෙය දේශපාලන පලිගැනීමක් වශයෙන් සඳහන් කරයි.

මෙහිදී ට්‍රම්ප්ගේ ආධාර කරුවන් ජූරි සභිකයින්ට පහර දීම, විනිසුරු ජුවාන් මර්චන් විනිශ්චය කිරීම හෝ සම්පූර්ණ සිවිල් යුද්ධයක් සහ සන්නද්ධ කැරැල්ලකට යාම සුදුසු බව ප්‍රකාශ කර තිබේ. එමෙන්ම තවත් සමහරක් වෙබ් අඩවි වල ලිබරල්වාදීන්ට වෙඩි තැබීම යෝජනා කර ඇති අතර සියලු දෙනාම එල්ලා දැමිය යුතුය යන ප්‍රචණ්ඩකාරී අදහස් ඇති අතර බොහෝ දෙනා විශ්වාස කරන්නේ මෙය ඡන්දයෙන් නිවැරදි කළ නොහැකි වන බවයි.

එමෙන්ම ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ ට්‍රම්ප් ඔහුගේ වචන කිවහොත් ඔහු වෙනුවෙන් සටන් කිරීමට සහ මිය යාමට කැමති හමුදාවක් ඇති බවත් කිසි දිනක යටත් නොවන ලෙසත් ඉල්ලා තිබේ.

ට්‍රම්ප් 2020 මැතිවරණයෙන් පරාජය වී ඡන්දය සොරකම් කළ බව ව්‍යාජ ලෙස ප්‍රකාශ කිරීමෙන් පසු මේ හා සමානවම ප්‍රචණ්ඩ රැල්ලක් ඇති වූ අතර විචාරකයන් පවසන්නේ තත්වය අළු යට ගිනි පුපුරු මෙන් ඇවිලෙමින් පවතින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාව විසින් අද (27) අලුයම...

2024 – 2026 සංචාරක සංවර්ධන දර්ශකයේ සාර්ථකම ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ලෝක ආර්ථික සංසදය...

සමකයට ආසන්න නිවර්තන අපුර්වත්වය: ඉන්දුනීසියාවේ “සදාකාලික හිම” සදහටම අතුරුදන් වීමේ තර්ජන මධ්‍යයේ!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: සමකයට ආසන්න උණුසුම්...

ඇවන්ගාඩ් සහ රක්නා ආරක්ෂක ලංකා ගනුදෙනුව: කෝප් කමිටුවෙන් තීරණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...