එක්සත් රාජධානියේ සහ එක්සත් ජනපදයේ ප්‍රහාරවලින් යේමනයේ 16 දෙනෙකු මිය යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 31,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් රාජධානිය හා එක්සත් ජනපදය විසින් යේමනයේ හූති මිසයිල විදිනයන් වෙත එල්ල කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයන් 16 දෙනෙකු මිය ගොස් 40 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව හවුති සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

යේමනයේ හවුති පාලනය යටතේ පවතින කොටසේ නිරිත දෙසින් පිහිටි සානා අගනුවර, හොඩෙයිඩා වරාය සහ ටයිස් වෙත මෙම ගුවන් ප්‍රහාර එල්ල විය. හොඩෙයිඩා හි මියගිය සහ තුවාල ලැබූ සියලු දෙනා සිවිල් වැසියන් ලෙස හූතිවරු විස්තර කර ඇති අතර එය පිළිගත් නොහැකි ප්‍රකාශයක් වන බවයි සඳහන් වන්නේ,

බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ ඒකාබද්ධ මෙහෙයුම මගින් හොඩෙයිඩා හි ස්ථාන තුනක් ඉලක්ක කර ඇති අතර එහි ඩ්‍රෝන යානා සහ මතුපිට සිට ගුවනේ අවි ගබඩා කර ඇති බවයි. එමෙන්ම ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, සිවිල් වැසියන්ට හෝ මිලිටරි නොවන යටිතල ව්‍යූහයන්ට වන හානිය සලකා බලා මෙම මෙහෙයුම් සිදුකල බවයි.

මෙය ජනවාරි මාසයේ සිට හවුති ස්ථාන වෙත ප්‍රහාර එල්ල කළ පස්වන බ්‍රිතාන්‍ය එක්සත් ජනපද ඒකාබද්ධ මෙහෙයුමයි.

හූතිවරු ගාසා තීරයේ පලස්තීනුවන්ට සහයෝගීව මාස ගණනාවක් තිස්සේ රතු මුහුදේ බටහිර සම්බන්ධිත නැව් ගමනා ගමනයට ප්‍රහාර එල්ල කර ඇති අතර මේ සතියේ ක්‍රියාකාරකම්වල තියුණු වැඩිවීමක් මෙන්ම, කැරලිකරුවන්ට වඩා බලවත් මිසයිල ලබා දී ඇති බවට දක්නට ලැබේ. ඉරාන පිටුබලය ලබන මිලීෂියාව පැවසුවේ සතියක් තුළ මුහුදු තුනක යාත්‍රා 12 ක් ඉලක්ක කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...