වසා දැමුණු තුල්හිරිය සහ පූගොඩ කම්හල්වල රැකියා අහිමිවූවන්ට වසර 47කට පසු වන්දි

Date:

1978 වසරේදී දේශපාලන හේතු මත වසා දැමුණු ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබූ තුල්හිරිය සහ පූගොඩ පේෂකර්මාන්ත ශාලාවල සේවය අහිමි වූ සේවකයින්ට වන්දි ලබා දීම ඊයේ (30) සිදු කෙරිණි.

ඒ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

රැකියා අහිමි වූ සේවකයින් 1,717 දෙනෙකු මෙහිදී ප්‍රතිලාභ හිමිවන අතර ඒ සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 87කි. ඒ අනුව සාමාන්‍ය අගයක් වශයෙන් සැලකූ විට වසර 47කට පසුව එක් සේවකයකුට ලැබෙන වන්දිය ආසන්න වශයෙන් රුපියල් 50,669 කි.

මෙහිදී ප්‍රතිලාභීන්ගෙන් යම් පිරිසක් මේ වන විට මියගොස් ඇති බැවින් ඒ අනුව ඔවුන්ගේ කලත්‍රයින්ට අදාළ වන්දි මුදල් හිමිවනු ඇත.

වන්දි ප්‍රදානය වෙනුවෙන් ඊයේ පැවැති සංකේතාත්මක උත්සවයට ප්‍රතිලාභීන් තිස් දෙනෙකු සහභාගී කෙරුණු අතර සෙසු ප්‍රතිලාභ හිමි සේවකයින්ට දිස්ත්‍රික්ක කම්කරු කාර්යාලය හරහා සිය වන්දි මුදල ලබා ගත හැකි බවයි කම්කරු අමාත්‍යංශය සඳහන් කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද ආදරණිය දවසක් වෙන්න….

නිශ්මං රණසිංහ පෙබරවාරි 15, කොළඹ LNW: ලෝකය ආදරයට වැඩිම අගයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (15) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 15) දිනයේදී මධ්‍යම සහ...

ජින්තුපිටියේ වෙඩිතැබීමකින් අයෙක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථානයක්...

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...