*
Sunday, June 1, 2025
spot_img

Latest Posts

යුපුන්ගේ ඇපවීම – කැපවීම සහ ලාංකේය ක්‍රීඩාව ඇලවීම

නිශ්මං රණසිංහ මැයි 31, කොළඹ LNW:

අප මීට පෙර මීටර් 100 සහය දිවීමේ කණ්ඩායම යෂ්ඨිය අතහැරී තරගයෙන් ඉවත්ව යාම ගැන සටහනේ දී ද යුපුන් ලෝක පූජිත කෙටි දුර ධාවකයෙකු ලෙස සිය පෞද්ගලික ඉසව් අතහැර රටේ අනාගත කෙටි දුර ධාවන සූරයින් සමග මීටර් 100 සහය තරගය තෝරා ගැනීම පිළිබඳව අදහස් දැක් වූවා.එහිදී අප එම කැපවීම අනුමාන කරමින් ඔහුට ගරු කළ අතර පසුව ඔහු සිය සමාජ මාධ්‍ය සටහනකින් හ් බව දක්වා තිබෙන අතර එහි ඇති කරුණක් අප මෙම සටහනේ ප්‍රධාන ඡායාරූපයට ද යොදා තිබෙනවා.


එහෙත් මෙම අදහසට වෙනස් අදහසක් මේ සහභාගි නොවූ ක්‍රීඩකයා වන මෙරෝන් විජේසිංහ ගැන ඉතා මෑත අතීතයක ඔහුගේ පුහුණුකරු ධූරය භාර ගත් විමුක්ති ද සොයිසා වෙනත් පුද්ගලයෙකු දක්වා තිබූ අදහසකට සමාජ මාධ්‍ය තුළ අදහස් දක්වා තිබුණා.ඔහු සදහන් කරන්නේ මෙරෝන් කිසිඳු ආබාධ තත්ත්වයක නොමැති බවත් ඔහු අවසාන තරගයට සහභාගි වෙන්නට බලාපොරොත්තුවෙන් සිටිය බවයි.
විමුක්ති ද සොයිසා දක්වන අදහස බරපතළයි.යුපුන් සහභාගි වූ කණ්ඩායමේ සිටියත් මෙරොන් පුහුණුවට ආබාධ කියා පැමිණ නැතුව ඇත්තේ බොරුවටද යන්න සොයා බැලිය යුතුයි.අවසාන තරගයට සහභාගි වීමේ බලාපොරොත්තුවෙන් රට වෙනුවෙන් අවශ්‍යය තරගයේ තරග වැදීම නොකර සිටින්නට බොරු ආබාධයක් මවා පා තරගයෙන් සැඟවී සිටින්නට මෙරෝන් කටයුතු කළාද යන්න සොයා බැලිය යුතුයි.සමහර විට ඔහු සහ සිය පුහුණුකරුවා එවැනි සැළසුමක සිටියාද යන්න සැක කළ හැක්කේ එම අදහස් දැක්වීම පුහුණුකරුම කර තිබෙන නිසයි.


ඒ වගේම මෙම වරද සිඳු වූයේ යුපුන් සහ දිනෙත් අතර යෂ්ඨි හුවමාරුවේදී නිසා යුපුන් වරද මෙරෝන් පිට පටවනවාද යන්නත් කියන්නට බැහැ.මීටර් 200 තරගය යුපුන් ක්‍රීඩා කළානම් එය ශ්‍රී ලංකාවට වැදගත් තරගයක් විය හැකිව තිබුණා.එසේනම් එයින් ද ශ්‍රී ලංකාවට ඉදිරියට ගමන් කිරීමට හැකිවන නිසා විමුක්ති කියන ආකාරයේ ආබාධයක් නැත්නම් මූලික තරගයේදී යුපුන් සහය දිවීමෙන් නවතා ධාවනයේ දෙන්නට සුදුසු මට්ටමේ සිටියේනම් මෙරෝන් එම තරගයට එක් විය යුතුව තිබුණා.එසේ වූවේනම් ශ්‍රී ලංකාවට ඉසව් දෙකකින්ම පෙරමුණට එන්නට ඉඩ තිබුණා.


මෙවැනි පරස්පර ප්‍රකාශවල බැලූ බැල්මට පෙනෙන දේවල් කෙතරම් විෂයාශ්‍රිතව අගතිගාමී සහ අසාධාරණ ද යන්න සහ වගකීම් පැහැර හැරීම් ගැන පරීක්ෂණ කළ යුතුද යන්න පිළිබදව අප කාලයක් තිස්සේම පෙන්වා දී තිබෙනවා.ඒත් ඒවා ගැන අදාළ ක්‍රීඩා සංගමය හෝ ක්‍රීඩා අමාත්‍යංශය පරීක්ෂණයක්වත් පවත්වන්නේ නැහැ.මෙහිදී ද දැනට විමුක්ති සහ යුපුන් දරණ අදහස්වල පරස්පරය පැහැදිළි කර ගැනීම අවශ්‍යය වෙනවා.යුපුන්වත්,මෙරෝන්වත් ඒ වගේම විමුක්ති ද සොයිසා ඇති කරන මෙම ප්‍රශ්නයෙන් ඇත්තටම ඇතත සහ ඇත්තට බොරුව කියූ පද්ගලයන් හඳුන්වා දීම ද කළ යුතුව තිබෙනවා.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan