*
Sunday, June 1, 2025
spot_img

Latest Posts

මතු පරපුර මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීමේ වගකීම සහතික වශයෙන්ම ඉටු කරනවා – ජනපති අනුර

රෂිකා හෙන්නායක මැයි 31, කොළඹ LNW :

ගල්කිරියාගම, පහමිණියාගම සිරි සමාධි මහා විහාරයේ ධාතු මන්දිරය විවෘත කිරීම හා මෙත් බෝසත් පිළිරුව නිරාවරණය කිරීමේ පුණ්‍යොත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ, දේශපාලන රැකවරණය මත ගොඩනැගී තිබූ අපරාධ රාජ්‍යය වෙනුවට, යහපත් රටක් ලෙස රට ජාත්‍යන්තරයේ ඔසවා තැබීමට තමා වෙත පැවරී ඇති අනුලංඝනීය වගකීම දිවි හිමියෙන් ඉටු කරන බවයි.

ශ්‍රී ලංකාව ස්වභාවික සම්පතින් අනූන, සශ්‍රික රටක් වුවද පෙර පාලකයන්ගේ සැලැස්මකින් තොර ක්‍රියාකලාපයන් හේතුවෙන් රටට සංවර්ධනය අහිමි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, වත්මන් රජය ක්‍රමිකව සහ ස්ථාවරව රටේ ජාතික ආර්ථිකය ගොඩනගමින් සිටින බවද එහිදී පැවසුවේය. 

පූජ්‍ය කාගම සිරිනන්ද හිමිපාණන් වහන්සේගේ ආරාධනයෙන් එම පිංකමට එක් වූ ජනාධිපතිවරයා ධාතු මන්දිරය විවෘත කිරීමෙන් අනතුරුව ඊට ප්‍රථම පුෂ්පෝපහාර පුද කිරීමද සිදු කළ අතර,
 තමා කිසිවිටෙක තනතුරු, තනාන්තර බලා කටයුතු නොකළ බවත් ජනතාවගේ දුක සැබෑ ලෙසම අත්දුටු සහ අත්විදි නායකයෙකු ලෙස සියලු පොදු ජනතාව වෙනුවෙන් සමෘද්ධිමත් රටක් ගොඩනැගීමට කැපවී කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
 

නීතියේ ආධිපත්‍යය තහවුරු වූ සහ නීතිය සැමට පොදු රටක් ගොඩනැගීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව පැවසු ජනාධිපතිවරයා මතු පරපුර මත්ද්‍රව්‍යවලින් බේරා ගැනීමේ වගකීම සහතික වශයෙන්ම ඉටු කරන බවද එහිදී කියා සිටි අතර, නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ හා බැදුණු අපරාධ මැඩලීම වෙනුවෙන් අවශ්‍ය ආයතන ජාලය ශක්තිමත් කිරීමට පියවර ගනිමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.


 

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan