සටහන: සශිකලා මධුෂාණි
මැයි 31; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව හා පාකිස්ථානය සන්නද්ධ ගැටුමකින් අනතුරුව එකිනෙකාට ප්‍රතිවිරෝධී ජාත්‍යන්තර මතයක් ගොඩ නැගීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව, ඉන්දියාව සමඟ පසුගිය මැයි මස 10 වන දා ඇරඹි සටන් විරාමයෙන් අනතුරුව පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් නියෝජ්‍ය අගමැති ඉෂාක් ඩාර්, ෆීල්ඩ් මාර්ෂල් හමුදා ප්‍රධානී අසීම් මුනීර් ආදින් සමඟ තුර්කිය, අසර්බයිජානය, ඉරානය,ටජිකිස්තාන ආදී රටවලට යමින් පාකිස්ථානය දකුණු ආසියාවේ සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් පෙනී සිටින අයෙකු ලෙස තමන්ව ප්‍රදර්ශනය කරමින් ආතතීන් ඇති කිරීමට බලාපොරොත්තු වන ආක්‍රමණිකයා ලෙස නවදිල්ලිය හඳුන්වමින් සිටියි.
මිට අමතරව, විදේශ කටයුතු සහ ආරක්ෂක පිළිබඳ හිටපු ෆෙඩරල් අමාත්‍යවරයෙකු වන කුරාම් දස්ත්ගීර් ඛාන්, ලබන මාසයේ බ්‍රසීලය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපා සංගම් මූලස්ථානය නැරඹීමට නියමිතවන අතර එයද පකිස්ථාන නියෝජිත පිරිසක කොටසකි.
ඉන්දියාව ද මේ වන විට ගෝලීය රාජ්‍ය තාන්ත්‍රික ව්‍යාපාරයක් දියත් කර ඇති අතර, රටවල් 30 කට වැඩි ගණනකට සිය නියෝජිතයින් යවා ඇත.
මෙහිදී ඉන්දියාව විසින් ඉන්දීය පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ප්‍රහාර සඳහා වගකිව යුතු ත්‍රස්තවාදී කණ්ඩායම් සඳහා පාකිස්ථානය සහාය දෙන බවට චෝදනා කරන අතර ඔවුන්ගේ ක්‍රියාවන් හෙළා දැකිය යුතු බවට ජාත්‍යන්තරය දැනුවත් කරයි.
පසුගිය අප්‍රේල් 22 වන දින, ඉන්දියානු පරිපාලන කාශ්මීරයේ කඳුකර නිකේතනයක් වන පහල්ගම්හිදී තුවක්කුකරුවන් 26 දෙනෙකු ඝාතනය කිරීමට ඊට ප්‍රතිචාර වශයෙන් මැයි 7 වන දින, ඉන්දියාව පකිස්ථානයේ සහ පකිස්ථාන පරිපාලන කාශ්මීරයේ සමහර ප්‍රදේශවල ත්‍රස්තවාදී යටිතල පහසුකම් ඉලක්ක කරගත් මිසයිල මාලාවක් දියත් කළේය. මිසයිල සිවිල් වැසියන්, මුස්ලිම් පල්ලි සහ පාසල්වලට පහර දුන් බව ඉස්ලාමාබාද් චෝදනා කළ අතර ඉන්දියානු මිසයිල ප්‍රහාරවලින් අවම වශයෙන් ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකු ඇතුළුව 50 කට වැඩි පිරිසක් මිය ගියහ.
මෙයින් පසුව මැයි 10 වන දින, දෙපාර්ශ්වයම එකිනෙකාගේ හමුදා කඳවුරු වෙත මිසයිල ප්‍රහාර එල්ල කරගත් අතර එක්සත් ජනපදය මැදිහත් වූ සටන් විරාමයකට එකඟ වීමට පෙර ඔවුන් සිටියේ පූර්ණ යුද්ධයක් අද්දරය.