අන්තිම පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි

Date:

නිශ්මං රණසිංහ මැයි 31, කොළඹ LNW:

දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු තබා සිටි හෙල්ල වීසි කිරීමේ තරගයේ දී පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වුණා.මූලික තරගයේදී මීටර් 83.71 දක්ෂතාවයක් දක්වා සිටි රුමේෂ් තරංග අවසාන තරගයේදි දැක් වූයේ මීටර් 83.27 ක දක්ෂතාවයක් පමණයි.එහදී මීටර් 83.75 ක දක්ෂතාවයක් දැක් වූ ජපානයේ සකියාම ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත් වුණා.


ඒ නිසා රුමේස් ට තරගයේ සිව්වැනි තැනින් සීමා වෙන්නට සිඳු වුණා.ජාතික වාර්තාවට හිමිකම් කියන සුමේධ රණසිංහ මේ තරගයේදී මීටර් 81.33ක දක්ෂතාවයක් මූලික තරගවලදී දැක් වූ අතර අවසාන තරගයේදී ඔහුට දක්වන්නට හැකි වුණෙමිටර් 79.81 දක්ෂතාවයක් පමණයි.ඔහුට හත්වන තැන හිමි වුණා
පකිස්තානයේ අර්ෂාඩ් නදීම් ඔලිම්පික් රන් පදක්කමේ ගෞරවය තව දුරටත් රැක් ගනිමින් මීටර් 86.40 ක් දක්ෂතාවයක් දක්වමින් රන් පදක්කම දිනා ගත් අතර ඉන්දියාවේ සචින් යදාව් මීටර් 85.16 ක දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කම දිනා ගත්තා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ආලෝකයෙන් ලැබූ පළමු ජය පකිස්තානයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: විස්සයි විස්ස ලෝක කුසලාන...

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

BREAKING NEWS : අමරකීර්ති අතුකෝරළ ඝාතනය – විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...

බැඩ්මින්ටන් ජාතික පුහුණුකරුගේ බරට රොහාන් උර දෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ වන විට බැඩ්මින්ටන්...