නිශ්මං රණසිංහ මැයි 31, කොළඹ LNW:
ASBC ආසියානු අවුරුදු 22 න් පහල බොක්සිං ශූරතාවලිය සහ යොවුන් බොක්සිං ශූරතාවලියෙහි රිදී පදක්කම් 5 ක් සහ ලෝකඩ පදක්කම් 18 ක් දිනාගත් ශ්‍රීලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් ඊයේ (මැයි 30) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්විය. පෙර පරිදිමය.කුමන හෝ ජයග්‍රහණයක් ලද විට දෙපා මුලට පැමිණ ඇමතිට එය අල්ලන්න දී භෞතීෂ්ම කර ගත් යුතුය.
මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා සංවර්ධන අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු , ශ්‍රී ලංකා බොක්සිං සංගමයෙහි (BASL) සභාපති අනුරුද්ධ බණ්ඩාර, ASBC ආසියානු අවුරුදු 22 න් පහල බොක්සිං ශූරතාවලිය හා යොවුන් බොක්සිං ශූරතාවලියට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් සහභාගී විය.

මෙම ජාත්‍යන්තර තරඟාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට කටයුතු සූදානම් කිරීම අභියෝගයක් වූ බවත්, ඒ වෙනුවෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය බොහෝ වෙහෙසුන බවත් මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අදහස් දැක්විය.

මෙම ආසියානු බොක්සිං තරඟාවලියෙන් ජයග්‍රහණය කළ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුබ පැතුම් එක් කරන බවත්, ඉදිරියේ දී බොක්සිං ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කමක් මෙරටට ගෙන ඒමට උත්සාහවන්ත විය යුතු බවත්, මෙහිදී ක්‍රීඩික ක්‍රීඩිකාවන් අමතා අමාත්‍යවරයා පැවසුවේ ය.
අමාත්‍යවරයාගේ කතාවේ දි වැදගත් කොටසක් මතු වන්නේය.අමාත්‍යංශයේ උදව් උපකාර පතාගෙන මූල්‍යමය අනුග්‍රහය ආදිය හෝ අඩුම තරමේ නොමිලේ භෞතික සේවාවන් සැපයීම හෝ වෙන්නට ඇත.එහෙත් අමාත්‍යංශයට අත නොපින ස්වාධීනව සංගමයක් ඒ වැඩේ කරන විට සුගතදාසයේ ගණන තිබෙන ගණනට වඩා ඉහළ ගොස් විදේශ ක්‍රීඩකයින් ක්‍රීඩා කරන නිසා වැඩි කරන අවස්ථා ගැන අප අමාත්‍යවරයාට කීවෙමු.ඒවා ගැන කිසිවක් කරන්නට අමාත්‍යවරයා අපොහොසත් විය.නැකිනම් ඉදිරිපත් නොවුණා විය යුතුය.රාජ ලීලාවෙන් සිටින්නට කැමති මිනිසුන් සිය බලය ඉදිරි පිට දොරකඩට යාදිනි රැඟෙන එන දුක් ගැනවිලි කියන අයට කැමතිය.එවිට තමන්ගේ තත්ත්වය ඉහළ බව බාල විදිහට සිතන්නෙකුට හැඟෙන්නට පුළුවන.

මෙම අවස්ථාවට එක්වෙමින් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පැවසුවේ, ක්‍රීඩාවේ ප්‍රවර්ධනය වෙනුවෙන් මෙම තරඟාවලිය මෙරට තුළ පැවැත්වීමට හැකි වීම ගැන සතුටට පත් වන බවත්, බොක්සිං ක්‍රීඩාවෙන් ඔලිම්පික් ජයග්‍රහණයක් ගෙන ඒමට අවශ්‍යය පහසුකම් අමාත්‍යංශයක් ලෙස ලබා දෙන බවත් ය. ඉදිරියේ දී බොක්සිං ක්‍රීඩාවෙහි විශේෂ දක්ෂතා ඇති දරුවන්ට ශිෂ්‍යත්වයක් ලබාදීමට ද බලාපොරොත්තු වන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

මෙහිදී මේ සම්බන්ධයෙන් බොක්සිංමය අවධානය යොමු විය යුතු කරුණු ගැන අමාත්‍යවරයා හෝ නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කර නැති බව පැහැදිළිය.ඒ නිසාම එහි තිබුණු බොක්සිංමය අන්තර්ගතය අවධානයට ලක් වී නැති අතර අමාත්‍යංශයේ බොක්සිං සම්බන්ධයෙන් වගකීම දරන කෙනෙකු එය තාක්ෂණිකව අමාත්‍යවරයාට පැහැදිළි කර දිය යුතුය.
සංවිධානය කිරීම වටින්නේය.එයට වැය කළ වෙහෙස ඇගයිය යුතුය.ආසියානු මට්ටමේ පිරිමි අංශයේ ලැබුණු එක රිදී පදක්කම මෙන්ම ලෝකඩ පදක්කම් ද වටින ඒවාය.ඒවා ආසියාව සමඟ සටන් කොට ලද ඒවාය.වැඩි පුර රිදි පදක්කම් ලැබුණේ කාන්තා අංශයෙන්ය.යොවුන් සහ 22 න් පහළ තරගවලදී කාන්තා රිදී පදක්කම් හතරක්ම තිබිණ.ඒත් ඒ සියල්ල තරගය පළමු වටයේම නවතා ජය පිරිනැමුණු අවසාන තරගය තෙක් නිතරගයෙන් පැමිණි ඒවාය.

කතා කළ යුතුව තිබුණේ මේ අඩුපාඩු දියුණු කරන්නේ කෙසේද යන්නය.පුහුණුකරුවන්ට ඒ වෙනුවෙන් පහසුකම් ලබා දෙන්නේ කෙසේද යන්නය.එවැනි දෙයක් ගැන දැන හිටියේ ද නැද්ද යන්න හෝ අමාත්‍යවරයාවත් නියෝජ්‍ය අමාත්‍යවරයාවත් කතා කළ බවක් පෙනෙන්නට නැත.ඒත් එම තරගාවලියේ ශ්‍රී ලංකාව ලැබූ විශිෂ්ට පිළිගැනීම සහ ඉදිරියේදී කාන්තා බොක්සිං ක්‍රීඩාව ගොඩ දැමීමට ගත යුුතු ක්‍රියාමාර්ග ගැන සංවර්ධන දෙපාර්තමේන්තු ව්‍යාපෘති නිලධාරියාගෙන් විමසා දැන ගත්තානම් යහපත්ය..ඒ තත්ත්වය වෙනස් කිරීමට ගත යුතු ක්‍රියා මාර්ග ගැන බොක්සිං ව්‍යාපෘති නිලධාරියා සමඟ සාකච්ඡා කළානම් යහපත් ය.
රටේ තියෙන අවස්ථාවලවත් දිනූ පදක්කම් සටහන ගැන නොව ඇස් දෙකෙන් විඳ මේ තරග අනාගතය වෙනුවෙන් උරා ගැනීම වැදගත්ය.අඩුම තරමේ අඛන්ඩව ඒ සමඟ ඉන්න නිලධාරියෙක් හෝ පත් කිරීම වැදගත්ය.ජයග්‍රාහී තරග හෝ ගෙනවිත් අමාත්‍යවරයාට නරඹන්නට දෙන්න තිබිණ.එසේ වූවානම් කාන්තා බොක්සිං පුළුල් ලෙස දෑසින් විඳ මේ තරගාවලිය ගැන කතාවට එළැඹෙන්නට තිබිණ.අමාත්‍යවරුන්ට ද ඒවා සොයා යාමට හෝ සොයා ගන්නට දැනුවත් වි මහන්සි වී තිබිණ.
කෙසෙ නමුත් ජාත්‍යන්තර වශයෙන් මේ තරගාවලිය ගෙන ඒම අතිශයින් අගය කළ යුතු කරුණයත්ය. එහි පසු විපරම සහ ප්‍රතිසංස්කරණය විය යුතු දේ නොසළකා හැරිම ද කළ නොහැකිය.වැදගත්ම දේ එයය.

