ගෘහස්ත නොවන විදේශ රැකියා සඳහා තානාපති කාර්යාලයේ සහතික කිරීම අනිවාර්ය වෙයි!

Date:

කොළඹ LNW:ගෘහස්ථ නොවන රැකියා සඳහා (Non Domestic Sector) ස්වයං මාර්ගයෙන් විදේශ ගතවීමේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට පෙර එම රැකියා ගිවිසුම අදාල රටේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින් සහතික කිරීම අනිවාර්ය කිරීමට කාර්යාංශයේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තීරණය කර තිබේ.

ගෘහස්ථ නොවන රැකියා සඳහා විදේශ ගතවීමේදී ශ්‍රමිකයින් මුහුණ දෙන ගැටළු පිළිබඳව කරුණු සොයාබැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

ශ්‍රි ලංකා දූත මණ්ඩල නොමැති රටවල රැකියා සඳහා අදාළ රැකියා ගිවිසුම, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය, ගුවන් තොටුපොල ඒකකය හෝ දිස්ත්‍රික් කාර්යාල මගින් අනුමත කරගත යුතු බවද කාර්යාංශය සඳහන් කරයි.

ඒ අනුව 2025 ජූනි 07 දින සිට ගෘහස්ථ නොවන කාණ්ඩයේ සියළුම රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් (Self) විදේශ ගතවීමේදී කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා අදාළ රැකියා ගිවිසුම සහතික කිරීම අනිවාර්ය වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...