*
Wednesday, October 30, 2024
spot_img

Latest Posts

කිරි නෙමෙයි කැකිරිත් නැති කොළඹට ගමේ තිඹිරි ගෙදර ආදරය

කොළඹ කිව්වම ඔළුවෙ හැදෙන මහා විසල් පුරවරය ඔබ දන්න ලොකුම බෝලය වගෙ.හැඩයි,විශාලයි ඒ නිසා මාරයි.ඒත් පුංචි කටු තුඩක වැඳුණම හුළං නැති හැකිළෙන එකක්.ඔබ කැළනි පාළම නාට්‍යය බලලා තියෙනවනම් දැකල ඇති ඟඟ ටිකක් ඉස්සුනාම මිනිස්සුන්ගේ ජීවිත.ඊටත් වඩා පාදඩ වෙච්චි යාන්ත්‍රණයෙ මිනිස්සු පීඩාවට පත් කරන ක්‍රම විද්‍යාව.

මේ මොහොතේ රටේ පවතින්නෙත් එහෙම පීඩනය පුපුරලා කඩා වැටෙන තත්ත්වයක්.කොළඹට කොටු කරල පුංචි කොටුවක් අස්සෙ ජීවිතය පහසුකම්වලින් පහසුකම් කරනවා වගේ පේන්න මහන්සිවීමේ ගුණයෙන් බාල කරලා ගොඩක් කල්.ගෑස් එකෙන් ඉවෙනවා.මැෂින් එකෙන් පොල් ගෑවෙනවා.අපි කොච්චර ඉහළ සමාජයට නැවෙන්න පුරුදු කරත් එදිනෙදා ගෙදර වැඩවලදි අපේ කොදු කෙළින් කරලා පහසු කරලා තියපු එකට අර අපි ගේ අස්සේ කෙළින් වෙලා ඉදලා,එළියෙ නැමෙන මිනිස්සු හුස්ම වැටෙන්නෙ නැති වෙන්න අපිව හිර කරලා තියෙන්නෙ.

එහෙම ගෑස්,වාහන ඉන්ධන අවශ්‍යය නැති තවත් අර මුලින් කිව්ව වගේම පොඩි පෙට්ටි අස්සට දාලා සත්තු අහුරනවා වගෙ අහුරලා ඉන්න මිනිස්සු කොටසකුත් ඉන්නවා.පාසල් තිබ්බට ඒවයෙ සමහරුන්ට පාසල් යන්න සල්ලි නැහැ.හැබැයි අකුරු නොදැන හරි ඔළුව නොහැදෙන පරිසරේ පුංචියට යකඩ කදවල් ටිකක් උස්සලා ඇඟවල් හදා ගන්නවා.සිංහල දෙමළ දෙකම හුඟ දෙනෙක්ට තේරුණත් ශුද්ධ සිංහල ඒ අයගෙ භාෂාව.කඩේකින් මොනව හරි තුන්වේල දාගන්න උන් ඉස්සර බිව්වෙ කසිප්පු වුණාට දැන් වැඩිය ඇදිලා යන්නෙ ගංජ එකෙන් පටන් අරගෙන අතමිට සරු වෙන තරමට කුඩු වගේ මත්ද්‍රව්‍ය පැත්තට.මේ ගෙවල්වල බොහෝ වෙලාවට ඉවුම් පිහුම් සිද්ධවෙන්නෙ ලාම්පු තෙල් ලිපේ.වැඩිය ඒක පත්තු කරනවට වඩා කඩචෝරුවකින් වේල ෂේප් කරගන්න තමයි ඒ අයගෙ හුරුව.නමුත් මේ මොහොතේ ගෑස් නැති නිසා කඩයප්පන් කඩේ වැහිලා.ලාම්පු තෙල් නැති නිසා ගෙදර ලිප පත්තු වෙන්නෙත් නැහැ.
ඉතිං කොහොමද කන්නෙ?

මිනිස්සු අසරණයි.පොඩ්ඩක් ඇත්නම් කොළඹට කිරි කියලා ගමට හිතන්න පුරුදු කරලා,ආණ්ඩුවේ වැඩ කරන ක්‍රමය විමධ්‍යගත නොකර කොළඹ අස්සෙ ගහගෙන ඉන්න නිසා හැමදේම කරගන්න කොළඹට එන්න වුණාට හැමදේම කොළඹ නැහැ.ගමෙන් ආවෙ නැත්නම් කැකිරිත් නැහැ.මේ මොහොත හරියටම මේ කියන පසුබිම කොළඹ දකින්න පුළුවන්.කන්න නැහැ,නාන්න සබන් නැහැ.කරන්න වැඩ නැහැ.කන්වට වඩා නොකා බඩ පුරවගන්න හිතන තත්ත්වය එක්ක ගමට වඩා පහළට කොළඹ හුළං ගිහිං හැකිළිලා.

මේ හැකිලීමෙන් හැකිලෙන බඩවල් ඊ ළඟට ඒවායේ රැලි ඇරගන්න ඔවුන් බොහෝ දෙනෙක්ට උරුම කර දුන්න දුප්පත්කමේ ආනිශංෂ වූ අධ්‍යාපනික දුබලකම නිසා පටන් ගන්නෙ ප්‍රචණ්ඩත්වය.දේශපාලන වෙනස්කමක් වෙනුවෙන් ද?නැහැ තමන්ට වඩා චුට්ටක් කන්න තියෙන එකාගෙ බොටුව කඩාගෙන කන්න.

මේ වැඩේ නවත්තන්න පුළුවන් උපරිමය කරන්න මිනිස්සුන්ට තියෙන ආදරෙත් එක්ක ප්‍රවීන මාධ්‍යවේදියෙක් වන තිඹිරියාගම බණ්ඩාර සිය පවුලේ උදවිය සමඟ සූදානම් වෙනවා.ගමේ ආදරයත් එක්ක ඔහු වියදම් දරාගෙන ආදරය සමඟ ආහාරත් එක්ක කොළඹ එන්න හදනවා. අගනුවර දුෂ්කර ම ජීවිත ගත කරන පවුල් තෝරාගෙන ඔවුන්ට සතියක් හෝ බඩගින්නේ නොසිටිය හැකි පරිදි වියළි ආහාර පාර්සලයක් සමග එළවළු,පළා,පලතුරු මල්ලක් බැගින් ලබා දීම අපගේ අරමුණයි……හාල්,පොල්,ලුණු,මිරිස්,තුනපහ,කහ,ගම්මිරිස්,ගොරක,සියඹලා,කුරුඳු පොතු,කරවල,කව්පි,මුං ඇටඇතුළු ව සමබර ආහාර මල්ලක් දීම තමයි මේ ගමනෙ පරමාර්ථය. කොළඹට ද්‍රව්‍ය ගෙනයන දිනට පෙර දින එකතු කරන තැල් කොළ,මුගුණුවැන්න,ගොටුකොළ,අඟුණ කොළ,කරපිංච යනාදී කොළ වර්ග සමග අඹ,පැපොල් යනාදී පලතුරුත් මේ ගොන්නට ඇතුළත් වෙනවා.

මේ වැඩේ අමාරුම පිරිස අතරින් අමාරු වැඩිම පිරිසට යන විදිහටයි සිද්ධවෙන්න ඕනි.දැනටත් ඒ වෙනුවෙන් කුඩා ලොරිවලින් ගමේ හිතවතුන්ගෙන් මේ වන විටත් ද්‍රව්‍ය එකතුවීම සිද්ධවෙනවා.ඒ සඳහා ඔබටත් දැයක වෙන්න පුළුවන්.දැනටත් මේ විදිහට වැඩ කරන්න ප්‍රවාහන පහසුකම්වල එකතු වෙන අතළොස්ස මහා හමුදාවක් කරන්නත් ත්‍යාගශිලින්ට පුළුවන්.ඒ වගෙම ආහාර සැපයීමටත් ඒ විදිහටම දායක වෙන්න පුළුවන්.

මේ වැඩේ ගමේ ආදරණීය මිනිසුන්ට කොපි කරන්න කියාපු ආදරණිය වැඩක්.ඔබටත් ගමේ ආදරණිය සහෘදතම අරගෙන කොළඹ එන ව්‍යාපෘතියක් හදන්න කට්ටිය එක මිටට එකතු කරගන්න බැරි වෙන එකක් නැහැ.ඒ වැඩේට උත්සාහ කරන්න පුළුවන් වුණොත් වගෙම සාර්ථක කරගන්න පුළුවන් වුණොත් රටට ලස්සන වැඩක් වෙයි.ඒ වෙනතුරු දැනට තියෙන තිඹිරිලාගේ වැඩේට ආදරය දෙන්න සූදානම් අයට පුළුවන් තොරතුරු දෙන්න වගේම එකතුවෙන ආදරය තවත් ආදරණිය එකතුවීමකින් ශක්තිමත් කරන්න.ඒ සඳහා තිඹිරිලාව අමතන්න පුළුවන් දුරකථන අංක පහත තියෙනවා.
දුරකථන අංක 0717346850,0710386339

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan