වැට්, ආදායම්, විදුලි සංදේශ ඇතුළු බදු රැසක් ඉහළ දැමීමට රනිල් සූදානම්

Date:

රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමට අදාලව අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ කැබිනට් සන්දේශය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

2019 වසරේදී ලිහිල් බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදෙමින් සිදුකළ බදු සංශෝධනය හරහා රාජ්‍ය ආදායම සැළකිය යුතු අන්දමකින් පහළ ගොස් ඇති බව සිය කැබිනට් සන්දේශය හරහා පෙන්වා දෙන රනිල් වික්‍රමසිංහ මහතා, බදු ආදායම ඉහළ නංවා ගැනීම වෙනුවෙන් බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීම සඳහා අනුමැතිය ඉල්ලා තිබෙනවා.

2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනත
2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත
2011 අංක 21 දරන විදුලි සංදේශ බදු පනත
1988 අංක 40 දරන ඔට්ටු හා සූදු බදු පනත
2003 අංක 03 දරන මුල්‍ය කළමනාකරණ (වගකීම) පනත යන පනත් සංශෝධනය කළයුතු බවට අගමැතිවරයා යෝජනා කරයි.

මෙම යෝජනාව සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර ඒ අනුව අදාල පනත් සඳහා වන පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත උපදෙස් ලබාදෙනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...