*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

NMRA ලොක්කන්ට ගෙදර යන්නැයි කෙහෙළිය දැනුම් දෙයි !

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති රසිත විජේවන්ත මහතාට සහ ප්‍රධාන විධායක නිළධාරී සවීන් සේමගේ මහතාට වහාම තනතුරුවලින් ඉවත් වන්නැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුම් දී තිබෙනවා. එම දැනුමදීම අනුව ඔවුන් අදාල තනතුරුවලින් ඉවත්වීමටයි තීරණය කර තිබෙන්නේ.

සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිළධාරියා අදාල තනතුරුවලට පත්වූයේ රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා යටතේ ඖෂධ නියාමන අධිකාරිය ක්‍රියාත්මක වන සමයේදීයි. කෙසේ නමුත් ආණ්ඩු වෙනසත් සමග එම අධිකාරිය සෘජුවම සෞඛ්‍ය අමාත්‍යංශය යටතට පත්කර තිබේ.

ප්‍රධාන විධායක නිළධාරී සවීන් සේමගේ මහතා මීට පෙර ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.

ඖෂධ හිගය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පසුගියදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී ඖෂධ හිගය සඳහා ඖෂධ නියමන අධිකාරිය සෘජුවම වගකිව යුතු බවට චෝදනා එල්ල විය.

ඉල්ලා අස්වීමට තීරණය කළ සවීන් සේමගේ මහතා ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

අස්වීමට කියූ නිසා අස්වෙමි.

රටේ පවතින ඖෂධ අර්බුදයට වගකිව යුත්තේ ඖෂධ නියාමන අධිකාරිය බව පවසමින් රවී කුමුදේශ් වැනි දේශපාලන අඳබාලයන් ඇතුලු කණ්ඩායම් හා දේශපාලන අධිකාරිය ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමනය අකුලා දමන්නටත් අධිකාරියේ කළමනාකාරිත්වය ඉවත් කිරීමටත් කැස කවමින් සිටින මේ මොහොතේ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස මාගේ කතාව සටහන් කරමි.

මා වෙත තනතුරෙන් ඉවත් වන ලෙස දන්වන ලද හෙයින් මම ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉල්ලා අස්වෙමි.

අවුරුදු 32 ක නොකැලැල් රාජ්‍ය සේවයක ඉතිහාසයක් ඇති මම පසුගිය මාස 6 තුල නියමිත වැටුප් පවා නිසියාකාරව නොගෙන එමෙන්ම ප්‍රජා සෞඛ්‍ය විශේෂඥයෙකු ලෙස මාගේ වෘත්තීය ජිවිතයේ අභිවෘද්ධිය පවා කැප කරමින් මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමනය ප්‍රශස්ත ලෙස පවත්වාගෙන යාමට දිවා රෑ නොබලා කැප වුනෙමි. දුෂිත නිලධාරීන් විසින් විනාශ කර තිබු ආයතනයක් යලි ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය මුලික අඩිතාලම දැමීමට මට හැකි වූ අතර දුෂණයේ මහ ගෙදරක් වූ මෙම ආයතනය තුල දුෂණය අවම කිරීමට හැකි වීම පිලිබඳව නිහතමානීව ආඩම්බර වෙමි. අනිසි දේශපාලන අතපෙවීම් වලට අනුබල නොදීම මා අස්කිරීමට මූලික හේතුවක් වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුෂිත නිලධාරීන්ගේ උසිගැන්වීම් සහ කේලම් බස් ඊට ඉනිමන් බඳින්නට කටයුතු සැකසිණි.

අධිකාරියේ මාගේ සේවා කාලය තුල රාජ්‍ය සේවය කොතරම් දුෂිතද යන්න මට පැහැදිලි විය. ඖෂධ ජාවාරම නිසා රජයට අහිමි වන අති විශාල ධනස්කන්ධයේ පරිමාණය ගැන මට අවබෝධයක් ලබා ගැනීමට හැකිවූ අතර එසේ සිදුවී ඇති මහා පරිමාණ දුෂණයන් පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කර අදාල නිලධාරීන්ට නිසි දඬුවම් ලබා දෙන මෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එවන් පරීක්ෂණයකදී මා දන්නා සියලු තොරතුරු ඉදිරිපත් කර එයට සහයෝගය දැක්වීමට කිසිදු පැකිලීමකින් තොරව ඉදිරිපත් වෙමි.

පසුගිය අවුරුදු 32 ක සේවා කාලය තුල වැටුපට අමතරව සතයකදු වංචා කර නොමැති මා මෙවන් අසීමිත වංචාවන් සිදුවන ආයතනයක සේවය කර සතයකුදු වංචාවකින් තොරව ගෞරවාන්විතව නික්ම යාමට මට ශක්තියක් තිබීම පිළිබඳව නිහතමානිව ආඩම්බර වෙමි. තවද මා එසේ වංචාවක් කර ඇති බව හෝ ශ්‍රී ලංකාවේ ඖෂධ හිඟය පිළිබදව මා වගකිව යුතු බවට මා කර ඇති එකදු අඩුපාඩුවක් පෙන්වා දෙන ලෙස රවී කුමුදේශ්ට මම අභියෝග කරමි.

සෞඛ්‍ය අමාත්‍යාංශය වැනි දුෂිත නිලධාරීන් සිටින ආයතනයක ටික කලක් හෝ සේවය කිරීමට මට සිදුවීම මගේ අභාග්‍යක් ලෙස සලකන අතර මගේ වෘත්තීය ගෞරවය රැකගෙන දුෂණය සඳහා කිසිදු බලපෑමක් සිදු නොකර තෘප්තියෙන් රාජකාරි කල හැකි පරිසරයක් සහිත ශ්‍රී ලංකා යුධ හමුදාව පිළිබඳව මගේ නිත්‍ය රැකියා ස්ථානය ලෙස මම හුදෙක්ම ආඩම්බර වෙමි.

කිසි දිනෙක අපේ රාජකාරි සඳහා අනිසි බලපෑම් නොකලා පමණක් නොව අප වෙත නිවැරදි නිර්භීත නායකත්වය ලබා දීම පිළිබඳව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මා මේ මොහොතේදී ගෞරවයෙන් සිහිපත් කරමි.

ඖෂධ නියාමන අධිකාරියේ රාජකාරි සඳහා මා නිර්දේශ කල අතිගරු ජනාධිපතිතුමා, යුද හමුදාපතිතුමා හා හිටපු සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් සංජිව මුණසිංහ මා වෙත තැබූ විශ්වාසය පිළිබඳව ප්‍රණාමය පුදකරමි. ඔබ තුමන් මා වෙත තැබූ විශ්වාසය මා මාගේ සේවා කාලය තුල නොබිඳු බව මා විශ්වාස කරමි.

එමෙන්ම මා සමඟ උරෙනුර ගැටී අධිකාරියේ උන්නතිය වෙනුවෙන් කටයුතු කල සභාපති තුමා ඇතුළු සියලුම කාර්යය මණ්ඩලය කෘතවේදීව සිහිපත් කරමි. අවසාන වශයෙන් වෛද්‍ය ශිෂ්‍යයෙකු ව සිටි අවධියේ සිට සේනක බිබිලේ ප්‍රතිපත්ති වලින් පෝෂණය ලද මා ඉදිරියේදී ද සබුද්ධික ඖෂධ භාවිතය වෙනුවෙන් කැපවන බව ප්‍රකාශ කරමි.

ඖෂධ නියාමන අධිකාරිය දිනේවා ! මාතෘ භුමිය දිනේවා !

වෛද්‍ය සවීන් සේමගේ
ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan