Saturday, June 3, 2023
spot_img

Latest Posts

ශෂී වීරවංශ ඇපමත මුදා හරී !

වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ ශෂී වීරවංශ මහත්මිය ඇපමත මුදා හැර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද මෙම නියෝගය ලබා දුන්නේය.

අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලත්‍රයක් ලබා ගැනීමේ චෝදනාව සඳහා වැරදිකාරිය වූ වීරවංශ මහත්මියට වසර දෙකක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම වූ අතර ඉන්පසු ඊට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමට කටයුතු කළේය.

තමාට ලැබුණු තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනුකර ඇති බැවින් තමාට ඇප නියම කරන ලෙස වීරවංශ මහත්මිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියාය. ඒ පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.

ඒ අනුව අදාල ඉල්ලීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා තීරණය කළේ වීරවංශ මහත්මිය ඇපමත මුදා හැරීමටයි.

UN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.