ගලන්න වැස්සත් විදුලි නිෂ්පාදනය අඩාලයි – 02 වැනිදා සිට විදුලි කප්පාදුව යළිත්

0
946

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ විදුලි කප්පාදුව ජුනි 02 වැනිදා සිට යලිත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

විදුලි ජනන යන්ත්‍ර සඳහා අවශ්‍ය ඉන්ධන තොග ප්‍රමාණවත් පරිදි සපයා ගැනීමට නොහැකි වීම හේතවෙන් මෙම විදුලි කප්පාදුව ක්‍රියාත්මක වේ. දිවයින පුරා වැසි සහිත කාලගුණ තත්වයක් ක්‍රියාත්මක වුවද දෛනික විදුලි ඉල්ලුම සපුරාලීමට ජලය භාවිතා කර නිෂ්පාදනය කරන විදුලි ඒ්කක ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව බළධාරීන් පවසනවා.

ඒ් අනුව ජුනි 02 වැනිදා සහ 03 වැනිදා පැය 02 බැගින් විදුලි කප්පාදුව සිදුවීමට නියමිතය. ඒ, දහවල් පැයක් සහ රාත්‍රී පැයක් ලෙසයි. කෙසේ නමුත් පෙරවරු කාලයේදී විදුලිය කප්පාදු නොකිරීමට තීරණය කර තිබෙනවා.

UN