දැනට ක්‍රියාත්මක අමාත්‍යංශය සඳහා අයත් රාජ්‍ය ආයතන, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අමාත්‍යංශය 23 කට අයත් ආයතන ප්‍රකාශයට පත්කර ඇති අතර ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ කිසිදු අමාත්‍යංශයක් යටතට පත්කර නොමැති සියලු ආයතන ජනාධිපතිවරයා යටතට පත්වන බවයි.
මෙම ගැසට් නිවේදනයට අනුව ආයතන 42 ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමතිවරයා ලෙස කටයුතු කරන ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කර තිබේ.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගර ආර්ථික කොමිසම ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වේ. විදුලි සංදේශ නියාමන කොමිසම, ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන 42 ක් ජනාධිපතිවරයාගේ පාලනය යටතේ ක්‍රියාත්මක වේ.
UN