*
Friday, April 26, 2024
spot_img

Latest Posts

Breaking! දුමින්දට දුන් ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි – දුමින්ද යළි වැලිකඩට!

දුමින්ද සිල්වා මහතාට ලබාදී තිබූ ජනාධිපති සමාව අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) තීන්දු කළේය.

ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ගොණු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදීය.

ඒ අනුව එම නඩුව අවසන් වන තුරු දුමින්ද සිල්වා වෙත ලබා දී තිබූ දඬුවම නැවත ක්‍රියාත්මක වෙනු ලබයි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වැරැදිකරු කරමින් ඔහුට මරණ දඬුවම නියමව තිබුණු අතර, පසුව එහි අභියාචනය ඉවත දමමින් ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම තහවුරු කරන ලදී.

කෙසේවෙතත් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

අනතුරුව ඔහුව නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කරන ලදී.

ජනාධිපතිවරයාගේ එම තීන්දුව අභියෝගයට ලක්කරමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නැවතත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කර තිබුණි. .

ඊට අදාළව අද දින ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවත් සමඟ ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රයද යළි කඳවීමට නියෝග කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan