21 පරාජය කිරීමට ආණ්ඩුව තුළම කුමන්ත්‍රණයක්! (VIDEO)

Date:

21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ආණ්ඩුව තුළම කණ්ඩායමක කඳවුරු බඳිමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලෙකම පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

ඒ, අද (31) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එම කඳවුරු බැඳීමට අනුව පාර්ලිමේන්තුව තුළ 21 වෙනි සංශෝධනය පරාජය කිරීමට උත්සහ කරන අය සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නැගී සිටින ලෙස ජනතාවට පවසන බවයි මහ ලේකම්වරයා සඳහන් කළේ.

ජනතාව ලෙස රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම සඳහා වන වැඩපිළිවෙලකට සහය දීම යුතුකමක් බව ද හෙතෙම කියාසිටියේය.

පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙසත් ඒ අතර රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමද ආණ්ඩුව විසින් කළ යුතුව ඇති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෙතන්‍යාහු සහ ට්‍රම්ප්ගේ ඊළඟ ඉලක්කය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල අගමැති බෙන්ජමින්...

අධි අවදානම් කලාපවල සිටි පවුල් 5,000කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගැනේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : ආපදාවට ලක්වූවන් වෙනුවෙන්...

Najib Razak ට තවත් වසර 15ක සිර දඬුවමක් සහ ඩොලර් බිලියන 2.8ක දඩයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (26) දින...