සුබසාධන ප්‍රතිලාභ ලැබෙන පුද්ගල නාම ලේඛණය ජුනි මුල් සතියේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සමාජ සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න මහතා සඳහන් කළේ, සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ තෝරාගත් පුද්ගලයින්ගේ නාම ලේඛනය ජූනි මස මුල් සතිය ඇතුළත ප්‍රකාශයට පත් කළ හැකි බවත් ,  දිස්ත්‍රික්ක 25 න් 10 ක මේ වන විට සියයට සියයක්ම තේරීම් කමිටුවල කටයුතු අවසන්ව ඇති බවය.

“සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුස්සන් තෝරාගැනීමේ ක්‍රියාවලියේ මේ ගතවෙමින් පවතින අදියර වෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක තේරීම් කමිටුව මඟින් සංගණන නිලධාරියා ප්‍රතිමානයන් 6ක් යටතේ, උපමාන 22ක් යටතේ රැස්කළ තොරතුරුවල නිරවද්‍යතාවය තවදුරටත් පරීක්ෂා කිරීමයි. ඒ අනුව අපිට තවදුරටත් දිස්ත්‍රික්ක 25න් 10ක පමණ ප්‍රමාණයක් 94%ක් වගේ වැඩ නිමවෙමින් තියෙනවා. අපි ඒ කමිටුවට දීලා තියෙනවා දීලා තියෙන දත්ත පිළිගැනීම, ඒ දත්තවල අඩුපාඩු තියෙනවා නම් නැවත සමීක්ෂණය කිරීම සහ ප්‍රතික්ෂේප කිරීම.”

බී. විජයරත්න මහතා තවදුරටත් පැවසුවේ , නාම ලේඛන ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අභියාචනා සහ විරොධතා ඉදිරිපත් කිරීමට කාලය ලබාදෙන බවයි .
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...