සුබසාධන ප්‍රතිලාභ ලැබෙන පුද්ගල නාම ලේඛණය ජුනි මුල් සතියේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  සමාජ සුභසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න මහතා සඳහන් කළේ, සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ තෝරාගත් පුද්ගලයින්ගේ නාම ලේඛනය ජූනි මස මුල් සතිය ඇතුළත ප්‍රකාශයට පත් කළ හැකි බවත් ,  දිස්ත්‍රික්ක 25 න් 10 ක මේ වන විට සියයට සියයක්ම තේරීම් කමිටුවල කටයුතු අවසන්ව ඇති බවය.

“සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ ප්‍රතිලාභ ලැබීම සඳහා සුදුස්සන් තෝරාගැනීමේ ක්‍රියාවලියේ මේ ගතවෙමින් පවතින අදියර වෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක තේරීම් කමිටුව මඟින් සංගණන නිලධාරියා ප්‍රතිමානයන් 6ක් යටතේ, උපමාන 22ක් යටතේ රැස්කළ තොරතුරුවල නිරවද්‍යතාවය තවදුරටත් පරීක්ෂා කිරීමයි. ඒ අනුව අපිට තවදුරටත් දිස්ත්‍රික්ක 25න් 10ක පමණ ප්‍රමාණයක් 94%ක් වගේ වැඩ නිමවෙමින් තියෙනවා. අපි ඒ කමිටුවට දීලා තියෙනවා දීලා තියෙන දත්ත පිළිගැනීම, ඒ දත්තවල අඩුපාඩු තියෙනවා නම් නැවත සමීක්ෂණය කිරීම සහ ප්‍රතික්ෂේප කිරීම.”

බී. විජයරත්න මහතා තවදුරටත් පැවසුවේ , නාම ලේඛන ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අභියාචනා සහ විරොධතා ඉදිරිපත් කිරීමට කාලය ලබාදෙන බවයි .
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??


Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ නගර සභා වාහනවලින් ඉන්ධන ඇද විකුණූ සේවකයින් දෙකක් අත්අඩංගුවට… වැඩත් තහනම්.

කොළඹ නගර සභාවේ වාහනවලින් ඉන්ධන ඉවත් කර විකුණූ සේවකයින්...

නව න්‍යෂ්ටික ගිවිසුමකට එළඹෙන ලෙස බල කරමින් ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව නාවික බලඇණියක් යොදවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 28 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නව න්‍යෂ්ටික...

දෙස් විදෙස් පාපන්දු කැකුළු SLR සංවිධානයෙන් කොළඹදී විකසිත වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW: අවුරුදු 12 න පහළ...

විස්සයි විස්සට එක්දින තරගාවලියේ නොසිටි හතරක්

නිශ්මං රණසිංහ ජනවාරි 28, කොළඹ LNW ජනවාරි 30 දා පල්ලෙකැලේදී...