*
Friday, April 19, 2024
spot_img

Latest Posts

රනිල් පෙරමුණු කිහිපයකින් ඉදිරියට ….

රටේ රාළ දිගටම කිව්වේ 2024 ජනාධිපතිවරණයේ ආණ්ඩු පක්ෂයේ අපේක්ෂකයා රනිල් කියලයි.විපක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා කවුද කියන ප්‍රශ්නය ඉස්සරහා තවමත් තියෙන්නේ ප්‍රශ්නාර්ථයක්.විපක්ෂය ඒ ප්‍රශ්නයට උත්තර හොයන්න මහන්සි වෙද්දී රනිල් වෙන අදියරකට සටන ගෙනිහිල්ලා.රනිල්ගේ අවධානය දැන් යොමු වෙලා තියෙන්නේ දෙවෙනි වටය ගැන.රනිල් දැන් කරමින් ඉන්නේ ජනාධිපතිවරණය දිනාගන්න අවශ්‍ය බලවේග හොයා ගැනීමේ සහ ඒ බලවේඟ දිනාගන්න අවශ්‍ය වැඩපිලිවෙල සකස් කිරීමේ මෙහෙයුමක.

රනිල් මෙතනදී හැසිරෙන්නේ හරියට ආක්‍රමණිකයෙක් වගේ. රනිල් දේශපාලන පොරපිටිය පෙරමුණු ගණනාවකින් ආක්‍රමණය කරමින් තියනවා.ආක්‍රමණිකයෙක් කියන්නේ තමන්ගේ නොවෙන සීමාවන්ට බලහත්කාරයෙන් කඩා වදින කෙනෙක්.රනිල්ට අයිති නැති ජනාධිපතිධූරයට රනිල් කඩා පැන්නේ බලහත්කාරයෙන්.හරි නං ඒ ඔටුන්න හිමි කුමාරයා වෙන්න ඕනි සජිත්.සජිත්ට ඒ පාර තෝරාගන්න ධෛර්යය තිබුණේ නෑ. සජිත්ගේ ප්‍රමාදයෙන් වැඩේ ගත්තේ රනිල්.ඒ ඉඩ පාව්චිචි කරගෙන රනිල් රාජපක්ෂ කදවුර ඇතුළට රිංගුවා.ඒ අතරතුර ගෝඨාභය පැනලා ගියා.එතනදී අගමැති රනිල් වැඩබලන ජනාධිපති වුනා. වැඩබලන ජනාධිපති උන තැන ඉඳින් රනිල් කළේ ආක්‍රමණ තමයි. දේශපාලන ආක්‍රමණ.රනිල් සතුරු කදවුර ආක්‍රමණය කරන විදිහ හරිම උපායශීලියි.ඒ කියන්නේ රනිල් හරියට තමන්ගේ හතුරා කවුද කියලා තේරුම් අරන් තියනවා.ඇත්තටම රනිල් විරෝධී දැවැන්ත බලවේගයක් මේ රටේ තියනවා.රනිල් කළේ ඒ දැවැන්ත බලවේගය කෑලි කෑලිවලට කඩන එකයි.

එක එක නායකයන් යටතේ වෙන වෙනම සේනාංක හැදෙන්න අවශ්‍ය තත්වයන් නිර්මාණය කිරීමයි. දැන් රනිල් විරෝධී බලවේගය කියන්නේ රනිල් විරෝධයට වඩා වෙන වෙන විරෝධයන් කර තියාගත්ත තැන තැන විසිරුණු කෑලි ගොඩක් විතරයි.රනිල් ඒ විසිරවීම කළෙත් ආය එකතු වෙන්න බැරි විදිහට. සජිත්ට වඩා අනුරට ඉඩ හදමින් රනිල් ඒ බලවේගය ඇතුලේ දැවැන්ත බෙදීම් දෙකක් කළා.දැන් සජිත්ට.අනුරට කවදාවත් එකට එකතු වෙන්න බෑ.ඒ වෙනුවෙන් සජිත් හා අනුරගේ තියන උන්නතිකාමී ලකෂණ සහ ඒ බලවේග දෙකේ ස්වභාවයන් පාවිචිචි කරගෙන තියනවා.දැන් සජිත්ටයි,අනුරටයි අලුත් අසනීපයකුත් හැදිලා.ඒ වෙන කවුරු හරි ජනාධිපති සටනට එන බව ආරංචි උනොත් සියල්ල පැත්ත තියලා එයාට ගන්න පටන් ගන්නවා.තව ටික දවසකින් සජිත් – පාඨළී අතරත් අනුර – පාඨළී අතරත් ගැටුම උත්සන්න වෙන්න නියමිතයි. ඊට අමතරව විපක්ෂයේ අනිත් ඉන්න පොඩි පොඩි කණ්ඩායම් පවා බෙදිලා.බෙදෙන්න දෙයක් නැති අයත් බෙදිලා.ඒ බෙදිම ඇතුලේ රනිල්ගේ පොඩි කෑල්ල දැන් ටිකක් ලොකු කෑල්ලක් වෙලා.ලොකු කෑල්ලක් නොවුනත් ලොකු කෑල්ලක් වගේ පේනවා.

රනිල් හදන්නේ පැහැදිලිවම එයාගේ කෑල්ල ලොකු කරගන්න.ඒ වෙනුවෙන් එන ජාත්‍යන්තර පීඩනය අහෝසි කරගන්න රනිල් ජාත්‍යන්තරය ආක්‍රමණය කරමින් ඉන්නවා.ඒ වෙනුවෙන් ආපු හැම අවස්ථාවකින්ම රනිල් ප්‍රයෝජන ගත්තා.එළිසබෙත් රැජිනගේ අවමඟුල,හිටපු ජපන් අගමැති ෂෙන්ෂෝ අබේගේ අවමගුල, චාල්ස්ගේ රාජාභිෂේකය වගේ මළ ගෙවල් මගුල් ගෙවලුත් යොදා ගත්තා.රනිල් ” නික්කෙයි ” සමුළුව ඒ වෙනුවෙන් පාවිච්චි කරගත්ත හැටි රටේ රාළ කිව්වා.රනිල්ට මුල් මොහොතේ ආපු ජාත්‍යන්තර පීඩනය දැන් නෑ.රනිල් ඒ පීඩනය සමහන් කරගන්න තමන් සතු රාජ්‍ය තාන්ත්‍රික දැනුම පාවිච්චි කරගත්තා. අනුර දකුණු කොරියාවේ ගිහින් අපේ රටේ ශ්‍රමිකයන් හම්බ වෙලා එද්දී රනිල් ලෝකේ වටේ ගිහින් රාජ්‍ය නායකයන් හම්බවෙලා එනවා. රනිල් ඇමරිකාව ප්‍රමුඛ බටහිරත්, ඉන්දියාව සහ චීනයත් තමන්ට හතුරු නොවෙන තැනක තියාගන්න සමත් වෙලා තියනවා.

ඊළගට රනිල් කරන්න හදන්නේ රටේ ආර්ථික ක්‍රියාවලියේ සාධනීය තත්වයක් රටට පෙන්නන්න. රනිල් පෙන්නන්න හදන එක යථාර්ථය කියලා රටේ රාළ කියන්නේ නෑ.දැන් රටේ තිබුණ උද්ධමන තත්වය සැලකිය යුතු මට්ටමකට අඩු වෙලා. විදේශ ප්‍රේරණවල වැඩිවීමක් සහ සංචාරක ව්‍යාපාරයේ දියුණුවක් තියනවා.ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 350 ක ණයක් හම්බ වෙනවා.ඒ ණය හමිබ වෙන්නේ අයවැයෙන් යෝජිත ඉලක්කවලට යන්න.අඩු ආදායම් ලාභීන්ට සහ කාන්තාවන්ගේ ජීවන තත්වය නැංවීම ඉලක්ක කරගෙන. රටේ ඩොලර් සංචිතය බිලියන තුනක් ආසන්නයට ඇවිත් තියනවා. ඊළගට ඉදිරියේදී IMF දෙවෙනි වාරිකය හම්බ වෙන්නත් නියමිතයි. ඊට අමතරව තවත් ණය ගන්න ලෝක බැංකුවත් එක්ක සාකච්චා කරනවා.තවත් ප්‍රධානයන් විදිහට ජපාන ආධාර ප්‍රමාණයක් හම්බ වෙන්න පුළුවන්.මොකද පහුගිය කාලේ ජපානයෙන් වාර්ෂිකව අපට හම්බ උන ප්‍රධානයන් ගොඩක් හම්බ වුනේ නෑ.

එතන යෙන් බිලියන ගානක් තියනවා.රනිල් ජපානයත් එක්ක ගොඩනගා ගත්ත හොදහිත ඇතුලේ ඒවා ආයෙත් ගන්න උත්සාහ කරයි.රනිල් කියන්නේ කියවනවාට වඩා වැඩ කරලා පෙන්නලා කියවන්න කැමති කෙනෙක්.රාජපක්ෂලා වගේ කතා කරන්නත් ඉස්සෙල්ලා නිවුස් ගහන කෙනෙක් නෙවෙයි.පහුගිය කාලේ තහනම් කරලා තිබුණ ආනයනික භාණ්ඩ ගණනාවක තහනම දැන් ඉවත් කරලා තියනවා.ඒකත් එක්ක කර්මාන්ත හා ඉදිකිරීම් ක්ෂේත්‍රවල යම් හෝ දියුණුවක් ඇති වෙන්න පුළුවන්.යම් විදිහකින් රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට දෙන්න පුළුවන් උනොත් ජනතාවට තවත් සහන ටිකක් දෙන්න පුළුවන්. දැන් ඇත්තටම ජන ජීවිතය බොහෝ දුරට යථා තත්වයට පත්වෙලා.ඒක මහා ආර්ථික පිඹිදීමක් නොවුනත් රනිල් ඒක ජනතාවගේ ඇස් නිලංකාර කරන චිත්‍රපටියක් විදිහට පෙන්නන්න හදයි.එහෙම උනොත් ඒ වාසිය ගෙඩිය පිටින් එන්නේ රනිල්ට.මොකද ඒ වගේ වෙලාවක රටේ තිබුණ තත්වයත්,රටට වෙන්න ගියදේත්,දැන් තියන තත්වයත් ගැන ජනතාව සන්සන්දනාත්මකව සළකා බලන එක නවත්තන්න බෑ.

ඒ තත්වය ඇති කරන්න රනිල්ට විපක්ෂයේ කවුරුවත් උදව් කළේ නෑ.ඊළගට රනිල් තමන් වටේට දේශපාලන බලවේග එකතු කරගැනීමේ ව්‍යාපෘතිය ඉන්න බව පේනවා.දේශපාලන පක්ෂ හා පුද්ගල නඩත්තුව රනිල් හිතනවට වඩා හොඳින් කරනවා.රනිල් පොහොට්ටුවෙන් ගැලවිලා එලියේ ඉන්න සහ සජබේ මන්ත්‍රීවරු සැහෙන ප්‍රමාණයක් දැනටමත් පෞද්ගලිකව හම්බවෙලා ඉවර බව ආරංචී.ඒ විතරක් නෙවෙයි රනිල් අරගල කණ්ඩායම් පවා මුණ ගැහිලා තියනවා.ඒ සම්බන්ධය ගොඩනගාගන්න රනිල් පෞද්ගලිකවත්,රවී,රුවන්,සාගල වගේ එජාප නායකයන් එක්කත් මැදිහත් වෙන බව පේනවා.සමහර සාකච්චා පවුල් මට්මින් කෙරිලත් තියනවා.ඒ කියන්නේ මෛත්‍රී වික්‍රමසිංහත් සහභාගී වෙලා තියනවා.රනිල් මෙතනදී දෙමල සහ මුස්ලිම් පක්ෂ කළමණාකරණයට ලොකු බරක් තියලා තියනවා. රනිල් දැන් නිතර නතර වතුකරයේ කැරකෙනවා.උතුරේ සංචාර කීපයකට රනිල් එකතු උනා.රනිල් ඒ වගේම මෙහෙයුමක් නැගෙනහිර පලාතෙත් කරනවා.

මඩකලපුව දිස්ත්‍රික්කයේ එහෙම මෙහෙයුමක් යන බව රටේ රාළ දන්නවා.රනිල්ගේ මේ බලවේග නඩත්තු කිරීම තේරුම් ගන්න රනිල් භික්ෂු සමාජයට තියලා තියන බරෙන් හිතා ගන්න පුලුවන්.රනිල් බෞද්ධ සමාජ පදනම ටච් කරන්න උත්සහ කරනවා.මහ නායක හාමුදුරුවන් හම්බ වෙලා රනිල් කරපු ප්‍රකාශ වලින් සහ රනිල්ගේ මහියංගන රජමහ විහාර ගමනෙන් ඒක තහවුරු වෙනවා.මෙතනදී රනිල් රාජපක්ෂලා එක්ක කරන ගනුදෙනුවේ ස්වහාවයත් රනිල්ට දැඩිව බලපාන එකක්.රනිල් රාජපක්ෂලා එක්ක සහජීවනයෙන් කටයුතු කිරීම රනිල්ට අවාසියි. රනිල් එතනදී කරන්න ඕනි රාජපක්ෂලා යටත් කරලා රටට පෙන්වීමයි.අනිත් එක රාජපක්ෂලාට අවස්ථාව ආවොත් රාජපක්ෂලා ඉස්සෙල්ලාම ගහන්නේ රනිල්ට.දැන් ඔයාලට තේරෙනවා ඇති රනිල් පෙරමුණ ගණනාවකින් දේශපාලන පොරපිටිය ආක්‍රමණය කරමින් ඉන්න බව.

ඒත් තවමත් රනිල්ට ජයග්‍රහණය ගන්න බැරිවෙච්චි එක පෙරමුණක් තියනවා.ඒ තමයි මතවාදී පෙරමුණ. මතවාදිමය වශයෙන් ජන මනස ඇතුලේ විප්ලවීය වෙනසක් කරගන්න තවමත් රනිල්ට බැරිවෙලා තියනවා.ඒකට ඕනි කරන සෙන්පතියෝ රනිල් ළඟ නෑ. ඉන්න අයටත් ඒ ගැන නියම Ideology එකක් නෑ.කොහොම හරි රනිල්ට සාපේක්ෂව අනිත් ජනාධිපති අපේක්ෂකයෝ දැනට නම් ඉන්නේ ගොඩක් පිටි පස්සෙන්.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මිට
රටේ රාළ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan