අවශ්‍ය නොවන අයට දී ඇති පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමට ඇමති ටිරාන්ගෙන් උපදෙස්

Date:

ආරක්ෂාව අවශ්‍ය නොවන ඇතැම් පුද්ගලයින්ට සහ ස්ථානවලට ලබාදී පොලිස් ආරක්ෂාව ඉවත් කර, එම පොලිස් නිලධාරීන් වහාම පොලිස් ස්ථානවලට අනුයුක්ත කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව ඒ ඒ පුද්ගලයින්ට ආරක්ෂාව අවශ්‍යද යන්න පිළිබඳව තක්සේරුවක් සිදුකර අදාළ පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත්තේ.

ආරක්ෂාව අවශ්‍ය නොවන පුද්ගලයින්ට සහ ස්ථානවලට ආරක්ෂාව සැපයීම සඳහා පොලිස් නිලධාරීන් විශාල පිරිසක් ලබාදීම හේතුවෙන් පොලිස් ස්ථානවල රාජකාරි සඳහා නිලධාරීන්ගේ හිඟයක් පවතින බව මහජ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බලා අමාත්‍යවරයා මෙම උපදෙස් නිකුත් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...