විකාශන අධිකාරී පනතක් ගෙන ඒමට රජයේ සූදානමක්!

Date:

කොළඹ LNW:පවතින තත්ත්වයෙන් රට ගොඩ ඒමට නම්,සැමට පිළිගත හැකි නීතිමය රාමුවක් සෑම ක්ෂේත්‍රයක් සඳහා අවශ්‍ය බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.

ඒ අනුව ඉදිරියේදී විකාශන අධිකාරී පනත කෙටුම්පත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අද (30)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලදී.

විකාශන බලපත් ලබා දීම කිසිදු ජාත්‍යන්තරව පිළිගත් සම්මත ක්‍රමවේදයකට සිදු නොවන හෙයින් විකාශන අධිකාරී පනතක් කෙටුම්පත් කිරීමට අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත් කර ඇතැයිද බන්දුල ගුණවර්ධන මහතා කියාසිටියේය.

තිබෙන තැනින් රට ගොඩ ඒමට නම් සැමට පිළිගත හැකි නීතිමය රාමුවක් අවශ්‍ය බවත් සති දෙකක් ඇතුළත රාජ්‍ය සහ පුද්ගලික විකාශන ආයතන සමග මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන බවත් කිසිවක් බලහත්කාරයෙන් ක්‍රියාත්මක නොකරන බවත් හෙතෙම අවධාරණය කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගෙන් කිතුල්ගල රෝහලට ලක්ෂ 33ක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක්...

නන්දනගේ වටිනාකම බිංදුවයි – ඇමති ලාල්කාන්ත

අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක මහතාගේ වටිනාකම තමන්ට...

ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාවය ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේ...