*
Tuesday, April 23, 2024
spot_img

Latest Posts

ලෝක රග්බි ඇමතිට එන බව කියයි ආසියානු තරගාවලි සහභාගීත්වය අනතුරේ

ආසියානු තරගාවලිය අත ළඟය.ඒ සඳහා රගර් ක්‍රීඩවෙන් පදක්කමක් අපේක්ෂාවෙන් කරගෙන ගිය කාර්යයන් නැවති ඇත.ලෝක රග්බි සම්මේලනය මේ වන විට ශ්‍රී ලංකා රග්බි තහනම් කර ඇති අතර අමාත්‍යවරයා විසින් පත් කරන ලද ස්ථාවරකරණ කමිටුවට සංචිත පවත්වා ගැනීම ඒ සඳහා පුද්ගල ශ්‍රමය ලබා ගැනීම ආදි කරුණු සියල්ල කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත.මන්ද විසුරුවා හරින ලද රග්බි පරිපාලනය රටේ රග්බි ප්‍රජාවගේ කැමත්ත මත තේරී පත් වූ පරිපාලන ඒකකය වන අතර පත් කර ඇත්තේ එසේ කැමත්තෙන් පත් වූ පිරිසක් වෙනුවට ක්‍රීඩා අමාත්‍යවරයාගේ කැමත්තෙන් පත් කරන ලද පිරිසක්ය.
ඇමති තීරණයෙන් ඉවත් කර ඇත්තේ, අනේක විධ බාධක මැද අනුග්‍රහයන් සොයා ගෙන ජාත්‍යන්තර තරගාවලි තුනකට සහ දේශිය තරගාවලි 18 කට මෙන්ම විවිධ සංවර්ධන වැඩ සටහන්වලට ද දායකත්වය සපයමින්,ජාත්‍යන්තර වශයෙන් රටවල් සමඟ එකතු වෙමින් ක්‍රිඩකයන්ගේ,පුහුණුකරුවන්ගේ සහ තීරකවරුන්ගේ ප්‍රායෝගික සහභාගීත්වය පළල් කිරීමට වැඩ කටයුතු කරමින් සිටිය රගර් පරිපාලනය ය. ලංකාවේ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් බහුතර බලය ලබා ගත් එම පරිපාලනය විෂමාචාර චෝදනාවන් හී මූල්‍ය අක්‍රමිතාවන්ගේ වරදකරුවෙක් වී නැත.එමෙන්ම අකාරයක්ෂමතාවය පෙන්වා ද නැත.ඒ නිසා අමාත්‍යවරයා පත් කළ කමිටුව පිළිගැනීමට රගර් වටා රොක් වී සිටින පිරිස් සූදානම් බවක් පෙනෙන්නට නැත.
මේ තත්ත්වයට පිළියම් යෙදීම සඳහා ජූලි මාසයේ ජාත්‍යන්තර රග්බි සම්මේලනය ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් බව අමාත්‍යවරයාගේ ලිපියකට පිළිතුරු එවමින් දන්වා ඇත.එසේම අමාත්‍යවරයා එම ලිපියේ දී ජාතික ඔලිම්පික් කමිටුවද සිය විවේචනයේ කොටසකට ඇතුළත් කර ඇතත්,ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව යටතේ සිටින ජාත්‍යන්තර ක්‍රීඩා පරිපාලනයක් වන ජාත්‍යන්තර රගර් සම්මේලනය ඒ පැමිණීමට සූදානම් බව දන්වන ලිපියේ පිටපතක් ජාතික ඔලිම්පික් කමිටුවට ද යොමු කර ඇත්තේ එය දැනුවත් කිරීමේ අවස්ථාව ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා බව අමාත්‍යවරයාට ද දැන ගන්නට සළස්වමින්ය.තේරුම් ගන්නේනම් ලෝක ක්‍රීඩාව පවතින ස්ථාවරය සහ ස්වභාවය මේ මඟින්ම වුව ද අවබෝධ කර ගන්නට හැකිය.

ආසියානු තහනමක් විරෝධයක් ලෙස රගර් පරිපාලනය විසුරුවා හැරීම මුල දී හුවා දක්වන්නට උත්සාහ ගත්තද පත් කළ ස්ථාවරකරණ කමිටුව මතු කරන්නට උත්සාහ කළේ ම වෙනත් කාරණාවක්ය.මන් ද එම තහනම සඳහා මේ වන විට ආසියානු පරිපාලනය ඇතුළේම පරීක්ෂණයක් සිඳුවෙමින් පවතින අතර එහිදී චෝදනාවට ලක් වන්නන්ට චොදනා පත්‍රයක් හෝ නිසි අයුරෙන් භාර දී නොතිබීමේ සිට විශාල අවුල් සහගත තත්ත්වයක් ඇත.එවැනි තත්ත්තවයක ක්‍රීඩා අමාත්‍යවරයා කරන්නේ එහි නිශ්චිත තීන්දුව ඒමට පෙර මිනිමැරුමට සැකයි යනුවෙන් පවසන පුද්ගලයෙක්ව මෙහිදී එල්ලා මරන්නට උත්සාහ කිරීමය.
දැන් තහනමට ලක් කර පරිපාලනය සඳහා අමාත්‍යංශය වියදම් කර ඇති මුදල් ප්‍රමාණය කෙතරම් ද?ඒ ඉට පෙර වසරවල සිටිය රගර් පරිපාලනයන්ට වියදම් කර තිබෙන මුදල් ප්‍රමාණයන්ට වඩා අඩු ද වැඩි ද?අඩුනම් ඔවුන් කර ඇති සේවය වැඩි ද අඩු ද?එසේ නැතිව ඔවුන් එම මුදල් ආධාර අනුග්‍රහ නැතුව වෙනදාටත් වඩා වැඩ කොටසක් කර තිබේද?මෙහිදී වැඩ කර ඇත.මුදල් ලබාගෙන නැත යන්න ඇත්ත තත්ත්වය ය.

රගර් පරිපාලනය අමාත්‍යංශයේ උපකාර ලබා ගන්නා කාලයේ ද කෙතරම් ණය වී තිබුණේ ද?ඒ සමහර වියදම් තවමත් ප්‍රශ්නකාරීය.එවැනි තත්ත්වයක දැන් අමාත්‍යංශයටත් භරක් නොවී වැඩ කරන තත්ත්වයක රගර් පරිපාලනය සිය ණය බර වැඩි කරගෙන ඇද්ද?එයට ද පිළිතුරු නැත.ණය බර අඩු කරගෙන ඇත.එකම කාරණය ඇමතිවරයාට නාමල් රාජපක්ෂ දුන් යෂ්ඨියේ අරමුණ පරිපාලනයේ දුර්වලකම හෝ හැකියාව සලකා වැඩ කිරීම නොවේය.ඔවුන්ගේ මුද්‍රාව තබාගෙන වැඩ කරන රගර් පරිපාලනයක් පවත්වා ගැනීමය.එසේම මේ ක්‍රියාදාමය ඇතුළත සිඳුවිය හැකි ජාත්‍යන්තර තහනම්,ලංකාවේ ක්‍රිඩාවේ කඩා වැටීම් සමඟ නාමල් රාජපක්ෂගේ අසාර්ථක තත්ත්වය වැසී, කීර්තිය පුළුල් වන අතර මිත්‍යාවන් හී ගැඹුරටම ගිලී සිටින රාජපක්ෂලා මේ අවස්ථාවේ රාජ යෝගයක් තියෙන බවට ප්‍රචාර ඇති රොෂාන් රණසිංහ දේශපාලනිකව අසාර්ථක කර නැඟිටින්න බැරි තත්ත්වයට පත් කිරීමද සමහර විට මේ හරහාම සිඳු කරන්නට උථ්සාහ කරනු ඇත.

පත් කළ ස්ථාවරකරණ කමිටුව පෙන්වා දෙන ඡන්ද බලය සම්බන්ධ කාරණා මෙරටට පැමිණි නවසීලන්ත විශේෂඥයෙක් ලංකාවේ රගර් ව්‍යහුය සමාලෝචනය කළ නිර්මාණය කළ එකකි.එය සුළු වශයෙන් වෙනස් වුව ද පදනම තවමත් එයමය.දැන් එය නැවත වෙනස් කරන්නට ස්ථාවරකරණ කමිටුව අදහස් දක්වමින් සිටිය ද,එය ඇත්තටම අමාත්‍යංශය හෝ මේ පත් වූ අය තමන්ගේ ක්‍රීඩා සමාජ හරහා හෝ ශ්‍රී ලංකා රග්බි වෙත ඉදිරිපත් නොකළ යෝජනාවකි.එය විසුරුවන ලද පරිපාලනය විසින් ආරම්භ නොකර ඊට පෙර සිටම පැවති ඡන්ද ක්‍රමයක් වන නිසා එය විසුරුවන ලද පරිපාලනය මත පැටවිය නොහැකි වරදකි.වැදගත්ම ඒ වරද සම්බන්ධයෙන් දැනුවත් කර අවවාද කරන්නට ක්‍රීඩා අමාත්‍යංශය පැත්තෙන් කටයුතු කර නැත.
ක්‍රීඩා අමාත්‍යවරයා ඇත්තටම තහනම් කරන හේතුව කවරේද යන්න දන්වා සහ ඒ සඳහා පිළිතුරුක් අපේක්ෂා කරමින් අමාත්‍යංශ ලේකම් හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් හරහා ලිපියක් යවා නැත.පරික්ෂණයකට හෝ සාකච්ඡාවකට කැඳවා නැත.නිලධාරීන් ද මෙහිදී විශාල වරදක් කර ඇත.නීතිමය වශයෙන් අමාත්‍යංශයේ ප්‍රධානියා හැටියට ඔහුව නිවැරදි මාවතේ රැඟෙන යන්නට අවශ්‍යය උපදෙස් දීම කරේනම් මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ නැත.

නාමල් රාජපක්ෂගේ තහනම මොහොතේ අධිකරණය එය තාවකාලිකව ඉවත් කිරීමෙන් නොනැවතී නැවත නිලවරණයකට අවසර දෙන්නේය.ඡන්ද සම්බන්ධ ගැටළු ඇති සංගම් සමග සාකච්ඡා කර ගැටළුව විසඳා දැණුම් දෙන්නට ද අමාත්‍යංශයට සහ සංවර්ධන දෙපාර්තමේන්තුවට යෝජනා කළ ද,ඒවා සිඳුවන්නේ නැත.අමාත්‍යවරයා පෙන්වා දෙන්න හෝ සමාජයට ඒත්තු ගන්වන්න උත්සාහ කරන්නේ ක්‍රීඩා පණත යනු අමාත්‍යවරයාට හිතූ හැටියට තීරණ ගන්න දුන් එකක් හැටියටනම් එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ මලගම වනු ඇත.තමන්ට අවශ්‍යය කෙනාව පරිපාලනයේ හිඳුවා ගැනීමේ හැකියාව ක්‍රීඩා පණතෙන් පවරා නැත.අමාත්‍යංශයේ සහ අමාත්‍යවරයාගේ ආයතනවලද පෞද්ගලික කාර්ය මණ්ඩලවලද මුහුණු වෙනස් කරන ඉක්මණට ලංකාවේ ක්‍රීඩා පරිපාලන වෙනස් කරන්නට නොහැකිය.ඒවා ලෝකය සමඟ සම්බන්ධව තිබෙන ඒවා බැවින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වැනි තැනකින් ශ්‍රී ලංකාවට තහනමක් පැමිණියහොත් ජාත්‍යන්තර සමාජය ඉදිරියේ පෞද්ගලිකව මේ අභිමතානුසාරී හැසිරීම පදනම් කරගෙන ක්‍රීඩා අමාත්‍යවරයාට පැනවෙන්නට පුළුවන් වාරණ ද එතරම් සුබ නොවනු ඇත.

බොහෝ විවේචන අමාත්‍යවරයා කියවන්නේ නැත.එසේත් නැතිනම් තොරතුරු වාර්තා කරණය සිදුවන්නේ ද්වේශ සහගත පහර දීමක් හැටියටය.එහිදී අමාත්‍යවරයාව පිනවා අනෙකාට සමීප විය නොහැකි බැරියරයක් සෑදීමට අපේක්ෂා කරන වන්දිභට්ටයන් කැළ ද,විවේචනයේ සැර පරුෂ බව කියනු මිස එහි පෙන්වා දෙන කරුණුවල සාධාරණත්වය කියන්න යන්නේ නැත.ඒ නිසා සලකා බැලීම සිදුවන්නේ ඔහුව පිනවීම අපේක්ෂාවෙන් මිස බුද්ධිය අවදි කිරීමේ අපේක්ෂාවෙන් නොවේය.එය සමහර විට අමාත්‍යවරයාගේ අසළම ඉන්න අය එසේ අවදි කිරීමට යමක් ඇද්ද නැද්ද යන්න පිළිබදව අපට වඩා අවබෝධයක් ඇති නිසා ගන්නා ක්‍රියාමාර්ගයක් ද විය හැකිය.නමුත් ඇත්ත එබඳුය.එකම දේ බීරි අලියාට වීනා ගහන්නා සේ අප ලියමින් පෙන්වා දෙන්නේ ලංකාවේ ක්‍රීඩාව අලි ඇතුන් දමාවත් කෙළින් කරන්නට බැරි තත්ත්වයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ පාලනය යටතේ වැටෙමින් තිබෙන බව දැනෙන නිසාය.

සටහන – නිශ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan