IMF හි නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ අද (31) දිවයිනට

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දෙදින නිල සංචාරයක් සඳහා  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා අද (31) දිවයිනට පැමිණෙන බව වාර්තා වේ.

ඔහුගේ මෙම සංචාරයේදී කොළඹ වරාය නගරය ඇතුළු ව්‍යාපෘති කිහිපක් ද නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වන අතර , ජනාධිපතිවරයා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් මෙන්ම මහබැංකු නිලධාරීන් සමග ද සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන් .

තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා,  මෙම සංචාරයේදී මෙරට ආර්ථික වැඩපිළිවෙළේ මෑත කාලීන ප්‍රවණතා, ඉදිරියේදී ආර්ථිකය සවිබල ගැන්වීමට ඇති අවස්ථා මෙන්ම ඊට ඇති බාධා  හා ප්‍රමාදයන් අවම කර ගැනීමේ ක්‍රමයන් පිළිබඳව සාකච්ඡා වට කිහිපකට සහභාගි වීමට ඔහු සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය දන්වා සිටී.
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...