ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරුවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජිතයින් සමග ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ ශේෂ පත්‍ර ජූනි මස අවසන්වීමට පෙර ප්‍රතිව්‍යුහගත කළ යුතුව ඇති අතර , ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ ගෙවීමට ඇති ව්‍යාපෘති ණය, ලංකා ඛනිජතෙල් සංස්ථාවට, පුනර්ජනනීය සැපයුම්කරුවන්ට සහ සැපයුම්කරුවන්ට ඇති ගෙවීම්, රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති ණය, 2023 ලබා ඇති පාඩු පියවාගැනීම සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපාරික සැලසුම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලෝක බැංකු විශේෂඥයින් කටයුතු කරන බවයි.

ඒ අනුව  සුදුසු විකල්ප හඳුනාගැනීමෙන් අනතුරුව ලංකා විදුලිබල මණ්ඩලයේ ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලසුම් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතව ඇත .
                    
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කඳානේ වෙඩිතැබීම : හිටපු ඇමති මංගලගේ පුද්ගලික ලේකම්ට තුවාල !

අද (03) උදෑසන කඳාන පොදු වෙළඳපොල අසලදී සිදුවූ වෙඩිතැබීමෙන්...

ට්‍රම්ප් යළි ඇවිලෙයි – ආනයනික තීරු බද්ද ගැන නැවතත් අවධානය!

කොළඹ LNW:ඩොනල්ඩ් ට්‍රම්ප් යළිත් වරක ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු...

තවත් වෙඩි තැබීමක්: දෙදෙනෙකුට තුවාල!

අද (03) දින කඳාන පොදු වෙළඳ සංකීර්ණය අසල සිදුවූ...

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...