මාමා දාපු සෙල්ලම් දැන් දාන්න බෑ – රංගේ බණ්ඩාරගේ කතාවට හරිනි දුන්න උත්තරය

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර කළ ප්‍රකාශය හරහා පරාජය පිළිගෙන තිබෙන අතර මේ වන විට එම කතාවට ආශු මාරසිංහ මහතාද පොහොර දමමින් තිබෙන නමුත් පක්ෂයේ නායකයා ලෙස ජනාධිපතිවරයා වචනයක් හෝ නොකියන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඇය මේ බව සඳහන් කළේ ඊයේ (31)පස්වරුවේ මත්තේගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

”කිසිදා මැතිවරණ දිනපු නැති අය ජන්ද වලට බයයි. එකක් කියන්න ඕන මාමගේ කාලේ ඒවා දැන් බෑ.මාම දාපු සෙල්ලම් දැන් ඉන්න ජනතාව එක්ක බෑ.88 දාපු සෙල්ලම් දැන් දාන්න බෑ.රංගෙ කියනවා සදුදා කියන්නම් කියලා මම හිතන්නේ සදුදා වෙනකම් ව්‍යවස්තාව කියවනවා ඇති. පොඩි හරි සදාචාරයක් තියෙනවානම් යථාර්තයට මුහුණ දී පරාජයට සූදානම් වෙන්න” යනුවෙන් මන්ත්‍රීවරිය තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...

රට භීතියට පත් කරන කාටෙල් සාමාජිකයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස ඉල්ලමින් ජනතාව මෙක්සිකානු රජයට එරෙහිව විදී බසියි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ජනාධිපති ක්ලෝඩියා...

එක්සත් රාජධානිය සරණාගතයින් වෙනුවෙන් ගත් දැඩි තීරණය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානිය විසින්...

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට ?

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : හෙට (17) දිනයේදී...