අපිට උසුළු විසුළු කරන විපක්ෂයේ අයටත් ඉදිරියේදි නඩු වැටෙයි. අපිත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා – ඇමති මහින්ද සැරවෙයි

Date:

වත්මන් රජයට උසුළු විසුළු කරන විපක්ෂයේ බොහෝ දෙනෙකුට ද විවිධ චෝදනා ඇති හෙයින් ඔවුන්ට එරෙහිවත් ඉදිරියේදී නීත්‍යානුකූල පියවර ගන්නා බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

ප්‍රශ්නය – මේ දීපු නඩු තීන්දුවත් එක්ක විපක්ෂයෙන් කරන චෝදනාවක් තියෙනවා, නිකම් සමච්චලේට වගේ කියනවා මේක 2015 යහපාලන ආණ්ඩුවෙන් දාපු නඩුවක් කියලා …

“ඔය වගේ නක්කල් දාන එක, කෝචොක් කරන එක, උසුළු විසුළු කරන එක හැර ඒගොල්ලන්ට වෙන කරන්න දෙයක් නෑ. හොරු අල්ලන්න නෙ ආවෙ මෛත්‍රීපාලලා රනිල්ලා. හැබැයි හොරුත් එක්ක නිදාගත්ත විදිහ අපි හොඳින්ම දැක්කා. විපක්ෂයේ උසුළු විසුළු කරන අයටත් ඉදිරියේදී, ඒගොල්ලොන්ටත් තියෙනවා බොහෝ චෝදනා. ඉතින් ඒගොල්ලො පිළිබඳවත් ඉදිරියේදී නීත්‍යානුකූල කටයුතු සිදුවෙයි”

ප්‍රශ්නය – අපි දැක්කා ගම්මන්පිල මහත්තයා දිගින් දිගටම චෝදනා කරනවා බහාලුම් 323ක් එළියට යවලා තියෙනවා බිමල් රත්නායක අමාත්‍යවරයා කියලා, ඔහුව අත් අඩංගුවට ගන්නැයි කියලා …

“අපි ගම්මන්පිලටත් අනික් සියලු දෙනාටත් කටමැත දොඩවන්න එපා කියලා ඉතාමත් හොඳින් අවධාරණය කරන්න, අවවාද කරන්න ඕනෙකම තියෙනවා. මොකද අර කටමැත දොඩවපු කෙනෙක් දැක්කානෙ රනිල් වික්‍රමසිංහගෙ හල්ලොලුවද කවුදෝ … එයාට වෙච්ච දේ දැක්කානෙ. මේ ආණ්ඩුවත් එක්ක පරණ ආණ්ඩු එක්ක වගේ සෙල්ලම් කරන්න සූදානම් වෙන්න එපා”

මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (31) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...