කැබිනට් මණ්ඩලයට අලුතින් දෙන්නෙක් ?

Date:

කැබිනට් සංශෝධනයක් ගැන පසුගිය සති කිහිපයක් තිස්සේ විවිධ කතා කියවෙමින් තිබුණා. සුනිල් හඳුන්නෙත්ති සහ කේ. ඩී. ලාල්කාන්ත වැනි ඇමතිවරුන් මේක බොරුවක්ය කියලා කිව්වාට සභානායක බිමල් රත්නායක කියලා තිබුණේ කැබිනට් සංශෝධනයක් සිදුකරන බලාපොරොත්තුවක් ආණ්ඩුවට තියෙනවාය කියලායි.

කොහොමවුණත් මේ වෙද්දී ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට නම් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව 23 සිට 25 දක්වා වැඩිකරමින් කැබිනට් සංශෝධනයක් ඉදිරි සති කිහිපය තුළ සිදුකිරීමට නියමිතයි ලු.

මෙතැනදී මුස්ලිම් ජාතිකයෙකුට ඇමති ධුරයක් හිමිවෙන්න නියමිතයි ලු. ඒ, දැනට පවතින කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් අමාත්‍යවරයෙක් නොමැති නිසා. නියෝජ්‍ය කථානායක රිස්වි සාලි හෝ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුනීර් මුලාෆර්ට ඒ අවස්ථාව ලැබෙනු ඇති බවත් කියැවෙනවා.

තවත් අලුත් සාමාජිකයෙක් කැබිනට් මණ්ඩලය ඇතුළත් කරගන්න යෝජනා වෙලා තිබුණත් තවම ඒ ගැන අවසන් තීරණයක් නොමැති බවයි වාර්තා වෙන්නේ.

ඒ වගේම ආරක්ෂක විෂයයට අදාළ නියෝජ්‍ය ඇමතිවරයකුගේ සහ තවත් නියෝජ්‍ය ඇමතිවරයකුගේ විෂයය වෙනසක් සිදුකරන්න නියමිතයි කියලාත් ආරංචිමාර්ග සඳහන් කරනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...