*
Tuesday, June 3, 2025
spot_img

Latest Posts

ආසියානු මලල ක්‍රීඩා උළෙල් ඉන්දීය ප්‍රගතියෙන් ඔබ්බට

නිශ්මං රණසිංහ ජුනි 01, කොළඹ LNW:

ආසියානු මලල ක්‍රීඩා සූරතාවලියේ වැඩිම පදක්කම්ලාභීන් නිර්මාණය වූයේ චීනයෙන්ය.ඔවුන් රන් පදක්කම් 19,රිදී 9 සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනා ගන්නට ලැබිණ.ආසියාවේ දෙවැනි තැනට පත් වුණේ ඉන්දියාවය.ඔවුන් රන් පදක්කම් 9,රිදී පදක්කම් 10 සහ ලෝකඩ 6 ක් දිනා ගන්නට සමත් විය.ශ්‍රී ලංකාවට හිමි වුණේ ලෝකඩ පදක්කම් තුනකි.මීට පෙර පැවති තරගාවලියේදී රන් අස්වැන්න ශ්‍රී ලංකාවට අහිමි වීම බරපතල තත්ත්වයකි.උළෙලක පදක්කම් සටහන පෙළ ගැසෙන්නේ රන් පදක්කම් මුල් කර ගෙනය.එහි දී මුළු උළෙලටම රන් පදක්කමක් පමණක් දිනූ රටක් ද පදක්කම් කොපමණ තිබුණත් රන් පදක්කමක් නැත්නම් රන් පදක්කම පමණක් ඇති රට ඉදිරියෙන් තැබීම සාමාන්‍ය තත්ත්වයකි.


ශ්‍රී ලංකාවේ ලෝකඩ පදක්කම් තුනෙන් දෙකක්ම මීටර් 400 ඉසව්වේ සහය දිවීම් තරගවලදී වාර්තා විය.තනි ඉසව්වකට දිනා ගත් ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ කාලිංග කුමාරගේ ය.ඔහු එම පදක්කම දිනා ගත්තේ ද මීටර් 400 ඉසව්වේනය.කාලිංග මීටර් 400 මිශ්‍ර තරගයේදී ද පදක්කමකට පිවිසිසෙන්නට ශ්‍රී ලංකාවට දායකත්වය දුන්නේය.ලංකාව සාර්ථක වූයේ මීටර් 400 ඉසව්වෙන් පමණක් වූ අතර එහිදී පදක්කම් තුන දිනා ගනිද්දී කාලිංග ගේ ශ්‍රමය ඉසව් දෙකක තිබුණ ආකාරයටම මීටර් 400 මිශ්‍ර සහ කාන්තා තරගවලදී ධාවනයේ යෙදුණ සයුරි මෙණ්ඩිස් සහ නිශේන්ද්‍රා ප්‍රනාන්දු ද ලෝකඩ පදක්කම් දෙක බැඟීන් කර ලා ගන්නට සමත් වූහ.
ශ්‍රී ලංකාව මේ තරගාවලිය දෙස බලා අවබෝධ කර ගත යුතු දේ අසල්වැසියාගේ භූමිය මේ වන විට ක්‍රීඩාවට වෘත්තිය මට්ටමක් දී ඇති බවය.සම්ප්‍රදායික ක්‍රීඩා ඇඳුමේ සිටම වෙනස් වෙමින් බොරු සදාචාරාත්මක හැව ගලවා දැන් දැන් නූතණ ක්‍රීඩා ඇඳුමට සමීප වෙමින් ඇත.තවමත් වික්ටෝරියානු ආභාෂය අනුව ආගන්තුක සදාචාරයක් කර පින්නා ගෙන සිටින ශාස්ත්‍රාලීය මානසිකත්වය පාසල් දරුවෙකුට ඇඳුමකෛාණ්ඩා විලාසිතාවක් කරන්නට ඉඩ නොදෙන තරමට ගර්භීත වී සිටියි.


ආසියාවේ ආර්ථිකයෙ පෙරට ඒමට අවශ්‍යය චින්තනමය වෙනස්කම ජය ගැනීමේ කාර්යය සිය දේශපාලනයට යාවෙන්න නොදී කරන හැටි දන්න මෝධි මුල්‍යමය වටිනාකම්වලින් ඉදරියට යාමේ ප්‍රවනතාවය ක්‍රීඩාවට ද ආදේශ කර ජපානයට ආසියානු මලල ක්‍රීඩාවේ ද දෙවන තැන අහිමි කරමින් තෙවැනි තැනට ගෙනවිත් ඇත.
මේ මොහොත ක්‍රිකට් ක්‍රීඩාංගණ හැදීමට ඉන්දියාවෙන් උදව් ගැනීමේ කාරණය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පවරා ආණ්ඩුව කළ යුතුව ඇත්තේ විද්‍යාත්මකව ඉන්දියානු උපකාර ක්‍රීඩාවට ලබා ගැනීමට උත්සාහ කිරීමය.විශේෂයෙන්ම කලාපීය වශයෙන් ඉන්දියාව මේ මොහොතේ ළඟ ශ්‍රී ලංකාවටය.ඒ ඉන්දියාව දැන් සිටින්නේ අහදබාද් හී 2036 ඔලිම්පික් උළෙල පැවත්වීමේ සිහිනය පෙරදැරිවය.ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා නිතර තහනම් උත්තේජන බලපෑම ගැන කතා කිරීම යටින් එකකි.ඉන්දියාවෙන් මේ මොහොතේ ගත හැකි හොඳම උදව්ව ඒ වෙනුවෙන් අවශ්‍යය උපකරණ ටික අනුග්‍රහයක් ලෙස ලබා ගැනීමය.


ශක්තිමත් පොළවක් හදා ගැනීමට අවධානය දිය යුතුය.ජාත්‍යන්තරය ගැන සිතා වැඩ කිරීම ඇරඹිය යුතුය.අමාත්‍යවරයාට ඒ ගැන ඇති අදහස අපැහැදිළිය.ආසියානු බොක්සිං තරගාවලියේදී මුළු වෙර යොදා අමාත්‍යංශය උපකාර ලබා දුන්නේය.ඒ වෙනුවෙන් පෙනී සිටියේය.ඒ කාරණා දෙකම සිඳු කිරිම වැදගත්ය.ඒත් ලෝකයේ ඇති තත්ත්වය අනුව බොක්සිං අර්බූදය තේරුම් ගෙන තිරය පිටුපස සිටිම වැදගත්ය.ඉන්දියාව 2036 පවතින ඔලිම්පික් සිහිනය පෙරදැරි කරගෙන මේ වන විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පිළිගන්නා බොක්සිං සමඟ වැඩ කරන අතර ඒ නිසා ආසියානු බොක්සිං තරගාවලියේ දී තරගාවලියේදී ඉන්දියාව සහභාගි වුණේ යම් වාරණයන් ඇතුළේ සිට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ පිළිගැනීම සුරක්ෂා කර ගනිමින්ය.
තමන්ට ලැබෙන පිළිගැනීමට ඇගයීමට අනුව ප්‍රතිචාර දැක් වූ ආධාර අනුග්‍රාහ දැක්වීම දක්වන ක්‍රිඩා ඇමති සම්ප්‍රදායන් අපට බොහොම හුරුය.වෙනස් විය යුතුව ඇත්තේ එයය.හැම එකටම වාතයක් යවන්නත් ඇමතිවරයා ගෙන්වන සම්මේලන සංගම් සංස්කෘතිය වෙනුවට අමාත්‍යංශය කල්පනා කළ යුතුව ඇත්තේ ස්වාධීනව වැඩ කරන සංගම් සම්මේලන ගැනය.ඒවාට උපකාර කර ඕනෑම ක්‍රිඩාවකට කැමත්ත ඇති කරගෙන ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රධාන අමුත්තෙක් නොවී විශේෂ අමුත්තෙක් නොවී ක්‍රීඩා ප්‍රේක්ෂකාගාරයක ඉඳ ගැනීම දැකීමත් ආසාවට කරුණකි.එහෙත් එය සිඳුවන බවක් දකින්නට නැත.


අපි ආසියාවේ ජයග්‍රහණවලට දුර තරමටත් වඩා අපේ ක්‍රීඩාව පාලනය කරන්නන් ක්‍රීඩාවට දුරය.විසිරුණු පැතිරුණු ක්‍රීඩාවක් හැටියට රට පුරා ක්‍රීඩාවන්ට විකාශණයට ඉඩ දෙනු විනා ඒවා හකුළා දැමීම නොකළ යුතුය.ඉන්දියාව විශාල රටේ ක්‍රීඩාව සිව් අතට වපුරා හොඳම පිරිස තෝරා ගැනීමට දරන වෑයම සම්බන්ධයෙන් මෑතකාලීන හොඳම උදාහරණය බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් පත් වුණ පරාජය ගත හැකිය.ඒ ව්‍යාප්තියෙන් ඇති වන ඉහළ තරගකාරීත්වය නිසා ඇති වූ පලයකි.ලංකාව වැනි රටක ද සෑම ක්‍රීඩාවකටම පළාත් මට්ටමෙන් බලය තීරණය වීමේ සංකල්පයක් අවශ්‍යය කර ඇත. අසල්වැසියාගේ සාර්ථකත්වයට සුබ පතන අතරේම ඔවුන්ගෙන් ඉගෙන ගැනිමට ඇති දේ ද වැදගත්ය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan