නයිජීරියාවේ හදිසි ගංවතුර හේතුවෙන් 150ක් මියගොස් විශාල පිරිසක් අතුරුදන්

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අධික වර්ෂාපතනය හේතුවෙන් නයිජීරියාවේ උතුරු-මැද නයිජර් ප්‍රාන්තයේ පිහිටි වෙළඳපොළ නගරයක් වන මොක්වා හි ඇති වූ හදිසි ගංවතුර තත්වය හේතුවෙන් 150 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසත් අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

නයිජර් ප්‍රාන්ත හදිසි කළමනාකරණ ඒජන්සියේ ප්‍රකාශක ඉබ්‍රාහිම් අවුඩු හුසේනි ප්‍රකාශ කළ පරිදි, ගංවතුරෙන් අවම වශයෙන් පුද්ගලයින් 3,018 දෙනෙකු අවතැන් වී ඇති අතර, නිවාස 265 ක් විනාශ වී පාලම් දෙකක් ගසාගෙන ගොස් ඇත.

තුවාල ලැබූවන්ගෙන් 121 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර 100 කට වැඩි පිරිසක් අතුරුදහන්ව සිටියි.

මොක්වා හි ඇස්තමේන්තුගත ජනගහනය 400,000 ක් පමණ වන අතර ගලවා ගැනීමේ කණ්ඩායම් මළ සිරුරු සොයා ගැනීම සහ අතුරුදහන් වූවන් සෙවීම දිගටම කරගෙන යන අතර බොහෝ වින්දිතයින් නයිජර් ගඟට ගසාගෙන ගොස් ඇති බව විශ්වාස කරන බැවින් සැබෑ මරණ සංඛ්‍යාව වැඩි විය හැකි බව කියැවේ.

කෙසේ නමුත් දේශගුණික විපර්යාස, අක්‍රමවත් ඉදිකිරීම් සහ දුර්වල ජලාපවහන, යටිතල පහසුකම් හේතුවෙන් නයිජීරියාවේ ගංවතුර ඇතිවීමේ වාර ගණන සහ බරපතලකම වැඩි වී ඇති බව විශේෂඥයෝ අනතුරු අඟවා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...