චීනයෙන් ලැබුණු ලක්ෂ 50 ක් වටිනා මකර බෝට්ටු පහ භාර ගනිමින් මුළු දිවයින පුරාම ජල ක්‍රීඩා පුළුල් කරන බව ක්‍රීඩා ඇමති කියයි

Date:

නිශ්මං රණසිංහ ජුනි 01, කොළඹ LNW:

ශ්‍රී ලංකාවේ කැනෝයිං සහ කයාකිං ජාතික සංගමය විසින් පවත්වන ලද චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලිය ඊයේ ( මැයි 31 ) දින දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී කණ්ඩායම් 25 ක සහභාගීත්වයෙන් පැවැත් විය. මෙම අවස්ථාවට එක්ව සිටි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ , තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, චීන තානාපති, කී ශැන්හොන් චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ඩ්‍රැගන් බෝට්ටු ශූරතාවලියෙන් ජයග්‍රහණය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට කුසලාන සහ සහතිකපත්‍ර පිරි නැමීම සිඳු කළ අතර මහජන චීන සමූහාණ්ඩුවෙන්, ලක්ෂ 50 ක වටිනාකමක් සහිත මකර බෝට්ටු පහක් මෙරටට ලබා දීමත් සිදු කෙරිණි.

මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ, මෙම චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව කුසලාන ශූරතාවලිය සහ මකර බෝට්ටු උළෙල දෙරට අතර මිත්‍රත්වයේ, සංස්කෘතියේ සහ සහයෝගීතාවයේ ප්‍රබල සංකේතයක් බවයි.

ශ්‍රී ලංකා රජය සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන්, මෙරටට මකර බෝට්ටු පහක් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයට ස්තූතිවන්ත වන බවත්,මෙම සුවිශේෂී ත්‍යාගය ශ්‍රී ලංකාවේ ජල ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමේ දී සැලකිය යුතු පියවරක් ඉදිරියට තැබීමට උපකාරී වන බවත් අමාත්‍යවරයා පැවසුවේ ය.

මෙම ශූරතාවලියට එක් වූ යාපනයේ පාසල්වල සිසු දරුවන් විශේෂයෙන් අගය කරන බවත්, එය ජාතික සමගිය ප්‍රවර්ධනය කරන සංකේතයක් බවත්, කලාපය නියෝජනය කිරීමට දක්වන ධෛර්යය, දක්ෂතාවය සහ කැපවීම ගැන ආඩම්බර වන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්විය.

උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් මුළු දිවයින පුරාම ජල ක්‍රීඩා පුළුල් කිරීම සහ ප්‍රවර්ධනය කරමින් ඔරු පැදීම, කයාකිං හෝ ඩ්‍රැගන් බෝට්ටු ධාවන ආදී ජල ක්‍රීඩා සඳහා මෙරට තරුණ තරුණියන්ට මංපෙත් විවර කර දීමටත්, එමෙන්ම සංචාරක ව්‍යාපාරය නංවාලීමටත් ඉදිරියේදී බලාපොරොත්තු වන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...