එංගලන්ත⁣ කණ්ඩායමේ 26 සහ 39 එක තැනකට

Date:

ලෝකය මානව සම්බන්ධතාවල සම්ප්‍රදායන් බිඳ දමමින් ඇත.ආදරය ප්‍රේමය වැනි සංවේදී කාරණාවන් හී ද සීමාවන් අතික්‍රමණය කරමින් සිටියි.විවාහය වැනි දේ වර්ගය බෝ කිරීම මුඛ්‍ය අරමුණ කරගෙන ක්‍රියාත්මක වීම වෙනුවට විවාහයේ පරමාර්ථ වෙනස් වී ඇත.ඊට බලපාන ජ්‍යොතිෂය වැනි සම්ප්‍රදායික කාරණාවලින් වියුක්තව විද්‍යාත්මක වූත්,මානවීය වූත් පියවර සඳහා පිවිසෙන්නට ලෝකයේ ඉඩ පුළුල් වෙමින් ඇත.

එහි දියුණු පියවරක් හැටියට සමලිංගික විවාහයන් දියුණු රටවල් විසින් තහවුරු කර තිබෙන නීතිමය අවස්ථාවන් පුළුල් වී ඇත.ඒ පුළුල් අවස්ථාව ඇතුළත මේ මොහොතේ විශාල අවධානයක් යොමුව ඇත්තේ එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අංක 39 ජර්සි අංකයෙන් තරඟ වඳින නැට් ස්කයිවර්ගේ සහ අංක 26 ජර්සි අංකයෙන් තරග වදින කැත්රින් බට්ගේ විවාහය සම්බන්ධයෙන්ය.

නැට් ස්කයිවර් (Nat Sciver) සහ කැතරින් බ්‍රන්ට් (Katherine Brunt) එංගලන්තයේ පමණක් නොව කාන්තා ක්‍රිකට් ලෝකයටම අමුත්තෝ නොවෙති.කැතරින් සිව් වරක්ම එංගලන්තයේ දක්ෂම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවාය.ඇය ලෝක සූරතා තරගාවලිය සහ විස්සයි විස්ස ලෝක සූරතාවය එංගලන්තයට දිනා දීමට මුල් වූ ක්‍රීඩිකාවකි.නැට් ද එංගලන්ත ජයග්‍රහණ පිටුපස සිටි ප්‍රබල ක්‍රීඩිකාවක් වන අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කී පළමු එංගලන්ත ක්‍රීඩිකාව වන්නීය.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ප්‍රතිවාදීන්ට එරෙහීව නැඟෙන වේගයේ අභියෝගය නියෝජනය කරන මේ ⁣මඳ වේග පන්දු යවන්නියන් දෙදෙන ඉදිරියේදී එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩාවට ජයග්‍රහණ ගෙන ඒම මෙන්ම සිය ජීවිත ජයගැනීමද එකම සයනයක සිට ආදරයෙන් සැළසුම් කරනු ඇත.

මේ විවාහයෙන් පසුව එය දෙදෙනාගේ පෞද්ගලික දත්ත ගබඩාවට ඇතුළත් වන්නේ නැට්ගෙ බිරිඳ කැතරින් හැටියටත්,කැතරින්ගේ බිරිඳ නැට් හැටියටත් ය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩුප්ලෙන්ටිස්ගේ පියාඹණ උස තවත් ඉහළට

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: සර්ජි බුබ්කා රිටි පැනීමේ...

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...