මැයි 09 ප්‍රහාරය අතරතුර පොලීසියට බලපෑම් කළේ කවුද ? – දේශබන්දුගේ ජංගම දුරකතනය ගැන විමර්ශන

Date:

මැයි 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝ ගම විරෝධතාවයට සහ ගාලුමුවදොර ඉදිරිපිට ගෝඨාගෝ ගම විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙනවා. මෙම පරීක්ෂණවලට අදාලව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු පුද්ගලයන් රැසක් මේ වනවිටත් අත්අඩංගුවට පත්ව ඇත.

09 වැනිදා එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත්වීම සම්බන්ධයෙන් සහ ප්‍රහාරකයන්ට ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් පොලීසියටද චෝදනා එල්ල වී ඇති අතර බස්නාහිර පලාත බාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිවාර්ය නිවාඩු යවා තිබෙනවා.

පහරදීමට පැමිණි පුද්ගලයන් වළක්වන්නැයි ජනාධිපතිවරයා නියෝග ලබා දී තිබියදී, පොලිස්පතිවරයා සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ජනාධිපතිවරයාගේ නියෝගය ක්‍රියාත්මක නොකරන්නැයි තමාට දැනුම් දුන් බව දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු ඉහළ පොලිස් නිළධාරීන් පිරිසක් මෙම සිදුවීම පිළිබඳ විමර්ශන සිදු කරන රහස් පොලිස් නිළධාරීන් හමුවේ පවසා තිබෙනවා.

අදාල ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන නිළධාරීන්ගේ අවධානය යොමුව ඇති අතර දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ජංගම දුරකතනය නිළධාරීන්ගේ බාරයට ගෙන වැඩිදුරට විමර්ශන සිදු කරමින් සිටී. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ දුරකතනයට පැමිණි ඇමතුම් සහ ලබාගත් ඇමතුම් ආශ්‍රයෙන් ප්‍රහාරය වළක්වා නොගැනීමට බලපෑම් සිදුකර තිබෙන්නේද යන්න තහවුරු කර ගැනීමට රහස් පොලිස් නිළධාරීන් කටයුතු කරමින් සිටී.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගංගාරාම විහාරය ලෝක මට්ටමේ සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය ලෝක...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...