දැනුම් ගබඩාවකට ගිනිලෑම ….

Date:

අසූ එකේ ගිනිබත් කළ යාපනයේ පුස්තකාලය වූකලී ආසියාවේ සුවිශේෂී පුස්තකාලයක් බවත් ගිනිගන්නා විට එහි පොත් අනූහත්දහසකට වැඩි ප්‍රමාණයක් තිබී ඇතිබවත් කියැවේ.. එසේම යාපනයේ දෙමළ ජනයාගේ ඉතිහාස ගැන ලියවුන වසර සියගනන් පැරණි පුස් කොලපත් ලොකු ප්‍රමාණයක්ද එහි තිබී ඇත.. එමෙන්ම පුස්තකාල ගොඩ නැගිල්ලද ඔවුන්ගේ ඉතිහාස උරුමයන්, කලාවන් ඔප් නැංවෙන ලෙස ඉදිවූ පැරණි ගොඩ නැගිල්ලකි….

යාපනයේ පුස්තකාලය ගිනිබත්වීම ගැන අවංකව කනගාටුවෙන කීප දෙනෙක් නම් ඇති.. නමුත් අහවල් මෝඩාබිමානයෙන් මත්වූ දකුණේ අති බහුතරයට අපිට නැති ආසියාවේ මහා පුස්තකාලයක් යාපනේ තිබීම ගැන ඊටත් වඩා එහි පොත පත වැඩිහරියක් දෙමලෙන් ලියවී තිබීම ගැටළුවක්ව තිබෙන්නට ඇත..

උතුරට බර අවි ප්‍රහාර යෝජනාකරපු සහ සිංහල බෞද්ධ ඒකීය රාජ්‍යවෙනුවෙන් ඕනෑම සංහාරයක් වෙනුවෙන් පෙලපාලි ගිය ජනසමාජයකින් ඊටත් වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ..

අපි හරි දක්ෂයි අපි අනුමෝදන් උන වැරදි, අපරාධ කාගෙ හරි ඇඟේ තියලා අපි නිර්දොෂයි කියලා ශේප් වෙන්ට…..

පුස්තකාලය සම්බන්ද සිද්දියෙදිත් සිරිල් මැතිව් කියන්නේ දකුණේ පොදු වර්ගවාදී නරාවලේ හැදුන එක ඉහඳයෙක් ඉත්තෙක් විතරයි.. මේ කාරනයෙදි සමස්තයක් විදියට ගත්තම යාපනයේ පුස්තකාලයේ ගිනිඅලු බොරු කිඹුල් කඳුළු හෙලන දකුණේ කාගෙ කාගෙත් සියොළඟම තැවරිලා තියෙනවා…

පුස්තකාල වලට ගිනිතියලා, දෙමළ මාධ්‍යවේදීන්, ලේඛකයින් ඝාතනය කරලා සංවාද, බුද්ද්ධිමය සාකච්ඡා වලට අගුළු දැම්මම ඊලඟට සම්මුඛ වෙන්නේ ප්‍රභාකරන්, පොට්ටු අම්මාන් වගෙ ගොළු මිලටරි ශරීර…..
එතනින් එහාට සංවාද හැදුන්නේ එහාට මෙහාට යන මූනිස්සම් වලින්..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල කඩා වැටේ; එක් අයෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චිලියේ ඇතිවූ රික්ටර්...

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...