ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රීලනිප අද රැස්වෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 02 , කොළඹ (LNW): අද (02) දින පස්වරු 2 ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී රැස්වෙයි.

පක්ෂයේ වැඩබලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් එම රැස්වීම පැවැත්වෙන බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතා සඳහන් කළ අතර,  මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් ද පැවැත්වීමට නියමිත බව පැවසේ.

ඒ සඳහා සියලු දිස්ත්‍රික්කවල ආසන සංවිධායකවරුන්, දිස්ත්‍රික් සංවිධායකවරුන් සහ සම සංවිධායකවරුන් කැඳවා ඇතැයි ඔහු ප්‍රකාශ කළ අතර, එම සාකච්ඡා පැවැත්වෙන්නේ, පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් බවද පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව වසරේ පළවෙනි සුබපැතුම රනිල්ගෙන් සජිත්ට

2026 නව වසර උදාවත් සමග එක්සත් ජාතික පක්ෂ නායක,...

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වසා දමයි!

කොළඹ LNW:අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා...

වෘත්තීය සමිති ගේම් ඉවරයි – සමෘද්ධි බැංකු පද්ධතිය ගැන අලුත් අවුරුද්දේ අලුත් තීරණයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සමෘද්ධි බැංකු පද්ධතිය වඩා ශක්තිමත් කරමින් ඩිජිටල්කරණ...