තද වැසි ගුවන් ගමන් සඳහාද බාධා කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 02 , කොළඹ (LNW):අද (02)  අලුයම් කාලයේ පැවති අකුණු ගැසීම් සහිත තද වැසි තත්වය නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට පියවර ගත් බව කටුනායක  ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

ඒ අනුව අබුඩාබි නුවර සිට 06/02 දින අලුයම 03.25 ට ගොඩ බැස්සවීමට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .මීට අමතරව සිංගප්පූරුවේ චැංගි ගුවන් තොටුපොළේ සිට අද අලුයම 04.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරන ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .

ඒ වනවිටත් හම්බන්තොට මත්තල ගුවන් තොටුපොළ සහ ඒ අවට ප්‍රදේශය තුළත් වැසි තත්වය පැවති බව සදහන් කළ මත්තල ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා , එම ගුවන් යානා 06/02 දින අලුයම 04.15 පමණ වනවිට තම ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ද සදහන් කළේය .අබුඩාබි නුවර සිට පැමිණි ඉටිහාඩ් ගුවන් යානයේ මගීන් , ගුවන් යානයෙන් පිටතට නොබස්වා පැවති අතර ,  මෙම ගුවන් යානය  යළිත් අද උදෑසන 08.13 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහෙත් සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානය තුළ සිටි මගීන් එම ගුවන් යානයෙන් පිටතට බස්සවා , අවශ්‍ය පහසුකම් එම මගීන්ට සළසා දීමෙන් අනතුරුව , එම ගුවන් යානය ද අද දින උදෑසන 10.50 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණු බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...