ලෝක කුසලානයේ පළමු ජය සත්කාරක ඇමෙරිකාවට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 02, කොළඹ (LNW): ලෝක කුසලාන තරගාවලිය අරඹමින් පැවති සත්කාරක ඇමෙරිකාව සහ කැනඩාව අතර තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කරන්නට ඇමෙරිකානු කණ්ඩායම සමත් වෙනවා.ඩල්ලාස් හී පැවති මේ තරගයේ දී දෙපිළම හොඳින් ලකුණු වාර්තා කිරීම කැපී පෙණුනා.මෙම පිටියේ පුහුණු තරග දෙකක් පැවත්වීමට නිවමිතව තිබුණත්,ඉන් ඇමෙරිකාව සහ නේපාලය අතර පැවත්වීමට යෝජිතව තිබුණු තරගය පැවත්වුණේ නැහැ.පැවති නේපාල – කැනඩා තරගයේ දී කැනඩාව ලකුණු 183 ක් රැස් කරන්නට සමත් වුණා.ඒ අනුව ඔවුන් නේපාලය පරදා එම තරගයෙන් ලකුණු 63 ක ජයක් වාර්තා කළා.


මේ අනුව කැනඩාවට ලකුණු එන ක්‍රිඩා පිටියක් වන ඩල්ලාස් හි කාසියේ වාසිය ලැබ ඇමෙරිකානු නායකයා කැනඩාවට පන්දුයට පහරදීසට ඇරයුම් කිරිම ප්‍රශ්නකාරී එකක් වුණා.ඒ තත්ත්වය තව දුරටත් තහවුරු කරමින් නව්නීත් ධලිවාල් (61) සහ නිකොලස් කර්ටෝන් (51) විසින් දියත් කර විශිෂ්ඨ ඉණිම් හේතුවෙන් කැනඩාව පන්දු ඕවර් 20 නිමාවන විට කඩුලු 5 ට ලකුණු 193 ක් ලබා ගත්තා.


ඇමෙරිකාව පිළිතුරු දීම ආරම්භයේදී ම තරගයේ දෙවන පනදුවේදීම කඩුල්ලක් අහිමි කර ගත්තා.ඒ අනුව තව දුරටත් ඇසෙරිකාන දෙසට හැරුණු පීඩනය පාලනය කිරීම මෙන්ම ලකුණු 194 ක් හඹා යාමට අවශ්‍යය වේගය රඳවා ගැනීමත් බරපතල පීඩනයක් ගොඬ නැඟුවා.තරගයේ හත්වන පන්දු ඕවරයේ තෙවන පන්දුවේදී ලකුණු 42 ක් තිබියදී ඇමෙරිකාවට දෙවන කඩුල්ලත් අහිමි වෙනවා.එම ඕවරයේ හතරවන පන්දුවට මුහුණ දෙන්නට එන ආරෝන් ජෝන්ස් පන්දු 40 දී නොදැවී ලකණු 94 ක් ලබා ගනිමින් තරගයේ 18 වන පන්දු ඕවරයේ හතරවන පන්දු ඕවරයට එල්ල කරන හයේ පහරින් ඇමෙරිකානු ලකුණු පූවරුව ලකුණු 197 දක්වා ඔසවා තබනවා.


ආරොන් සහ ඇන්ඩ්‍රීස් ගෝස් සමඟ තරගයේ 7 වන ඕවරයේ හතරවන පන්දුවේ සිට තරගයේ 16 වන ඕවරයේ 4 වන පන්දුව දක්වා ඇති කරන ලකුණු ලකුණු 131 ක්.පන්දු 46 න් ලකුණු 65 ක් ලබා ගෝස් දැවී යන විට ලකුණු පූවරුව 173 ක් ව තිබුණා.ගෝස් සහ ආරෝන් එක්ව ගොඬ නෑඟු එම සබඳතාවය නිසා ඇමෙරිකාවට කැනඩාවේ විශාල ලකුණු පූවුරුව හඹා යාම අපහසු වුණේ නැහැ.
තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසෙන්න.


https://www.espncricinfo.com/series/icc-men-s-t20-world-cup-2024-1411166/united-states-of-america-vs-canada-1st-match-group-a-1415701/full-scorecard

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැඩබලන පොලිස්පතිගේ අලුත් නියෝගය!

කොළඹ LNW:කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට...

ඩඩ්ලිගේ යූස්ඩ් වාහනයට රේගුව මිලියන 100ක් බදු ගහලා ?

අරලිය සහල් අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පසුගිය දවස්වල...

ලංකාවට තවත් අවස්ථාවක්

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: මේ වන විට ආසියානු...

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...