අධික උෂ්ණත්වය හේතුවෙන් ඉන්දියාවේ ජන්ද මධ්‍යස්ථානයක කාර්ය මණ්ඩලයේ 33 දෙනෙකු මිය යයි

Date:

සටහන: සශිකලා මධුෂාණි,ජුනි 02,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සති හතාක් පුරා සංවිධානය කළ දැවැන්ත ඉන්දීය මහා මැතිවරණයේ අවසන් දිනයේදී අධික උෂ්ණත්වය හේතුවෙන් තාප ආඝාතය වීම නිසා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජන්ද පොළ නිලධාරීන් 33 දෙනෙකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

මියගිය අයගේ පවුල්වලට රුපියල් මිලියන 1.5 ක [ඩොලර් 18,000] මුදල් වන්දියක් ලබා දෙනු ඇති බව රජය නිවේදනය කර තිබු අතර ඉන්දියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව (IMD) පැවසුවේ සෙනසුරාදා ජන්සි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 46.9 (116F) දක්වා ළඟා වූ බවයි.

ග්‍රීෂ්ම ඍතුවේ උෂ්ණත්වය අධික වීම ඉන්දියාවට අමුත්තක් නො වන මුත්, ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ සෙනසුරාදා බැලියා හි තාප දර්ශකය 61C දක්වා භයානක ලෙස ඉහළ ගිය බවයි. බොහෝ ස්ථානවල සෙල්සියස් අංශක 45 (ෆැරන්හයිට් අංශක 113) ට වඩා වැඩි උෂ්ණත්වයක් සහිතව දැඩි තාප තරංගයෙන් බහුවිධ මරණ වාර්තා වී ඇත.

මිට අමතරව, හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට අනුව ඊයේ(01) දිනයේ බිහාර්, නැගෙනහිර ඔඩීෂා සහ මධ්‍යම මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තවල වල හිරුඑළියට නිරාවරණය වීම හෙතුවෙන් පුද්ගලයින් 58 දෙනෙකු මියගොස් තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...