පියයුරු පිළිකා නැවත ඇතිවීම වසර තුනකට පෙර හඳුනාගත හැකි නව රුධිර පරීක්ෂාවක් සොයා ගැනේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,ජුනි 02,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : සෑම වසරකම කාන්තාවන් මිලියන 2 කට වඩා වැඩි ප්‍රමාණයක් පියයුරු පිළිකාවෙන් පෙළෙන අතර එය මේවන විට වඩාත් සුලභ රෝගයකි. ඒ වෙනුවෙන් මෑත දශක කිහිපය තුළ ප්‍රතිකාරය වැඩිදියුණු වී ඇතත්, පිළිකාව බොහෝ විට නැවත පැමිණෙන අතර, එසේ වුවහොත් එය සාමාන්‍යයෙන් වඩාත් දියුණු අවධියක පවතී.

නමුත් දැන් ලෝකයේ විශාලතම පිළිකා සම්මන්ත්‍රණයට ඉදිරිපත් කරන ලද පර්යේෂණයකට අනුව, පෙන්නුම් කර ඇත්තේ පුද්ගලා රෝපිත දියර බයොප්සි මගින් පිළිකා නැවත පැමිණෙන බවට ඉතා ඉක්මනින් අනතුරු ඇඟවීමේ සංඥාවක් සැපයිය හැකි බවයි.

චිකාගෝ හි පැවති ඇමරිකානු සායනික ඔන්කොලොජි සංගමයේ වාර්ෂික රැස්වීමේදී හෙළිදරව් කරන ලද පරීක්ෂණවල අත්හදා බැලීමේ ප්‍රතිඵල වලට අනුව නව රුධිර පරීක්ෂණයකින් පියයුරු පිළිකාව නැවත පැමිණීමේ අවදානම වසර තුනකට පෙර පුරෝකථනය කළ හැකි අතර එමඟින් වැළැක්වීමේ ප්‍රතිකාර අවශ්‍ය කුමන කාන්තාවන්ටද යන්න අනාවරණය කර ගත හැක. අතිශය සංවේදී දියර බයොප්සි ක්‍රියා කරන්නේ පිළිකා සෛල මගින් රුධිරයට මුදා හරින සංසරණ පිළිකා DNA (ctDNA) සොයා ගැනීමෙනි.

විශේෂඥයන් බලාපොරොත්තු වන්නේ මෙම නව සොයාගැනීම් මගින් බොහෝ කලකට පෙර ප්‍රතිකාර ආරම්භ කර ජිවිත අවධානම වලක්වා ගත හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘Made in Sri Lanka’ වෙළඳ ප්‍රදර්ශනය ළඟදීම!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ LNW: කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන...

හිටපු පොලිස්පති දේශබන්දුට ඇප!

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ : සැකපිට රක්ෂිත බන්ධනාගාරගත...

කාසියේ වාසිය සජිත්ට?

උපාලි කොළඹගේ රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබීමත් සමග මහ ගංවතුරක්...

අපරාජිත කොළඹ දකුණට පරාජයක් – චනුල්ගේ තුන් ඉරියව් දස්කම් වලින් මහනුවරට පහසු ජයක්

නිශ්මං රණසිංහ අගෝස්තු 27, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන අවුරුදු...