තායිවාන් මීටර් 800 ත් තරුශි කරුණාරත්නට

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 02 , කොළඹ (LNW): තායිවානයේ පැවත්වෙන තායිවාන් විවෘත මලල ක්‍රීඩා සූරතාවලියේ මීටර් 800 ඉසව්වේ ජයග්‍රහණය අත්කර ගන්නට තරුශි කරුණාරත්න සමත් වුණා.තරුශි මේ ක්‍රීඩා තරගාවලිටේ ජයගත් දෙවන ඉසව්ව මෙය වන අතර මීට පෙර ඇයි මීටර් 400 ඉසව්වද ජය ගත්තා.


අධික වර්ෂාව මධ්‍යයේ පැවති තරගයේ දී තරුශි වේගය වැඩි කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ත වෙමින් තරගය නිමි කිරීම සඳහා වාර්තා කළ කාලය විනාඩි 2:05.74 ක් ලෙස සඳහන් වුණා.ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ වර්ගීකරණය යටතේ ලෝකඩ වර්ණ ක්‍රීඩා උළෙලක් ලෙස නම් කර තිබෙන බැවින් තරුෂිගේ මෙම දක්ෂතාවයට ප්‍රසාද ලකුණු 60 ක් හිමි විය යුතුය.ඒ අනුව දක්ෂතාවයට හිමි ලකුණු 1062 ක් සමඟ ඇයට මෙම ජයග්‍රහණයෙන් ලකුණු 1062 ක් හිමි විය යුතුය.


හෙල්ල වීසිකිරීමේ ඉසව්ව නියෝජනය කළ නදීශා දිල්හානි ලේකම්ගේ මීටර් 52.79 ක දක්ෂතාවයක් දක්වමින් ඉසව්වේ දෙවැන්නිය වූවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...