*
Wednesday, June 4, 2025
spot_img

Latest Posts

PSG ඓතිහාසික ජය මත තැවරෙන දේශපාලන කළු පැල්ලම්

නිශ්මං රණසිංහ ජුනි 02, කොළඹ LNW:

Paris Saint-Germain මේ PSG යනුවෙන් හදුන්වන ප්‍රංශයේ ප්‍රමුඛතම පාපන්දු සමාජයක සම්පූර්ණ නමයි.ඔවුන් ගෙවුණු සිකුරාදා ජර්මණියේ මියුනිච් හී දි ඓතිහාසික පාපන්දු ජයක් වාර්තා කරේ යුරෝපීය පාපන්දු ලීග් සූරතාවය පළමු වරට හිමි කර ගනිමින් ඉතාලියේ ඉන්ටර් මිලාන් කණ්ඩායම පරාජයට පත් කරමින්ය.තරගයට පෙරාතුව කණ්ඩායමේ දෙකේම ආධාරකරුවෝ යහපත් හැසිරීමක් නොපෙන් වූ බවට වාර්තා වන අතර එහෙත් ඊට වඩා නරක තත්ත්වයක් වාර්තා වූයේ ප්‍රංශයේදී ය.
මිලියන 11.5 ක් මෙම තරගය නැරඹූ ප්‍රංශ වැසියන් අතර නරක තත්ත්වය වාර්තා වන්නට ගත්තේ චැම්ප්ස්-එලිසීස් මාවතේ ජනතාව එක්රැස් වූ විටය.මේ වන විට එක එක පාර්ශව දේශපාලික වශයෙන්ද මෙම නොසන්සුන්තාවයට සිය දේශපාලන ප්‍රතිවාදීන් හසු කරන්නට උත්සාහ කරන තත්ත්වයක් දැකිය හැකිය.


කෙසේ වුවත් PSG ආධාරකරුවන්ට මේ ජයග්‍රහණය මත කළු තවරන්නට ඕනිකමක් තිබේදැයි සිතිය නොහැකිය.ඔවුන්ගේ පාපන්දු දෙවොල PSG වන අතර ඊට අසීමිත ගෞරවයක් ඔවුන් තුළ තිබෙන බව සැක නැත.එසේනම් එම ආධාරකරුවන් එම ජයග්‍රහණයේ කළු උලා ගනීවී යැයි සිතන්නට අපහසුය.
කෙසේ නමුත් ප්‍රංශයේ මෙම ජයග්‍රහණය පදනම් කරගෙන ඇති වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් වූ විනාශය පහත දැක්විය හැකිය.
මියුනිච් හි තරඟයෙන් පසු සෙනසුරාදා රාත්‍රියේ ප්‍රංශ අගනුවර ආධාරකරුවන් පොලිසිය සමඟ ගැටුම් ඇති කර ගනිමින් ගිනිදැල් සහ ගිනිකෙළි දල්වමින් මෝටර් රථ ගිනිබත් කරන ලදී.

චැම්ප්ස්-එලිසීස් මාවතේ ජනතාව එක්රැස් වූ විට පැරිසියේ දී පොලිසිය 491 දෙනෙකු අත්අඩංගුවට ගත් බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ඉරිදා පැවසීය. ප්‍රංශය පුරා තවත් 68 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
නොසන්සුන්තාවයට මරණ දෙකක් ද සම්බන්ධ දැයි පොලිසිය විමර්ශනය කරමින් සිටියේය. සෙනසුරාදා සවස නිරිතදිග ඩැක්ස් නගරයේ පපුවට පිහියෙන් ඇනීමෙන් පසු මියගිය 17 හැවිරිදි පිරිමි ළමයෙකු ද ඒ අතර විය. මධ්‍යම පැරිසියේ ස්කූටරයක් පදවාගෙන ගිය 23 හැවිරිදි පුද්ගලයෙකු ද වාහනයක ගැටීමෙන් මිය ගිය බව ප්‍රංශ බලධාරීන් පවසයි.
මේ අතර පොලිසියේ නිලධාරියෙකු කෝමා තත්ත්වයේ පසුවන බව ද 18 දෙනෙකුට තුවාල සිඳු වී ඇතැයි ද වාර්තා වන්නේය.මේ වන විට විපක්ෂ දේශපාලන නායකයින් මෙම අනතුරට හේතුව රජය මත පටවමින් සිටියි.ඒ අනුව මෙම ගැටුම දැන් දේශපාලන ගැටුමක් කරා යමින් පවතින්නේ PSG ජයග්‍රහණය වෙනම අවශ්‍යයතාවයකට යොදා ගන්නට ඇති කළ ගැටුමක් ද නැතිනම් එම ගැටුම දේශපාලන වශයෙන් භාවිතා කරන්නට පටන් ගෙන ඇතිදැයි යන කාරණය විසඳා ගන්නට පරීක්ෂණවලට කැඳවමින්ය.


මේ අතර ජනතාවගේ විනෝදයට පොලිසිය අනවශ්‍යය හරස් කැපීමක් කළා හෝ ජනතාවගේ හැසිරීම වැරදි ආකාරයට පාලනය කරන්න ගියා දැයි යන සැකය ද මතු වෙන ආකාරයේ ඡායාරූප ද විදේශ මාධ්‍යවල පළ වෙමින් ඇත.මේ සමඟ දැක්වෙන්නේ ඒ ආකාරයේ සැක මතු කරන පොලිස් නිලධාරියෙක් කැරලිකරුවන් ඉලක්කයට ගන්නා ආකාරයේ ඡායාරූපයකි.සුළු ගිණි තත්ත්වයකදී අප එය නිවීමට වැරදීමකින් වතුර කෑන් එක වෙනුවට ඔසවා ගෙන ගියේ පැට්‍රල් බඳුනක්නම් විය හැක්කේ කුමක්ද යන්නත් මේ පරීක්ෂවලදී.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan