ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව තරග වඳින්න ඉන්දියාවෙන් දෙන්නෙක් සොයා ගනියි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කැපී පෙණුන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් වන භානුක රාජපක්ෂ සහ මතීශ පතිරණ ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව තරග වඳින සංචිතයට කැදවා තිබෙනවා.භානුක ශරීර යෝග්‍යතාවය නොමැති බව කියමින් තේරීම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහ මූලිකත්වය ගත් තේරීම් කමිටුව ජාතික කණ්ඩායමෙන් ඉවත් කළ අතර,මතීශ පතිරණ කණ්ඩායමට කැඳවන පළමු අවස්ථාව මෙයයි.

නමුත් මෙවර පැවති ඉන්දීය ප්‍රිමියර් ක්‍රිකට් සූරතාවය සඳහා මේ දෙදෙනාටම අයිපීඑල් කණ්ඩායම්වලින් ආරාධනා පැමිණියා.එහිදී තමන් ක්‍රීඩා කරන කණ්ඩායම් වෙනුවෙන් මතීශ මෙන්ම භානුක ද සාධාරණය ඉටු කරන්නට සමත් වුණා.එසේම විශාල ප්‍රේකෂකාගාරය් සතු රටක් වන ඉන්දීය ත්‍රිකට් ලෝලීන්ගේ ගෞරවයට සහ ආදරයට පාත්‍ර වන්නටත් මේ ක්‍රීඩකයන් දෙදෙනාට හැකිකම ලැබුණා.

මීට පෙරත් මේ ආකාරයටම ජාතික කණ්ඩායමේ ඉඩක් නැති ක්‍රීඩකයින් වෙනත් රටවල තරගාවලි සඳහා සහභාගි වෙමින් දක්වන දක්ෂතා පදනම් කරගෙන ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ රංගන හේරත් වන අතර ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවන්නේ නැති වුවත් ඔහුගේ දක්ෂතාවලට හරි වටිනාකම දෙමින් එංගලන්තයෙන් ප්‍රාන්ත තරග සඳහා ආරාධනා ලැබුණු අතර ඔහු කුමාර සංගක්කාර නායකත්වය පැමිණි පසු ඔහුගේ ආරාධනාවෙන් ප්‍රාන්ත තරග නවතා ශ්‍රී ලංකාව දිනවන්නට විශාල දායකත්වයක් ලබා දුන්නා

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතීඥවරියකට බැන තර්ජනය කිරීම : කඩුවෙල නගරාධිපතිගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ඇප මත නිදහස්

නීතීඥවරියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන...

සුඩානයේ සිවිල් යුද්ධයට වහාම සටන් විරාමයක් අවශ්‍යයි – Antonio Guterres

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ කුරිරු සිවිල්...

රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් පස් දෙනෙකුට දිවි අහිමි වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පැය 24ක් තුල...

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට පැය 72ක රැඳවුම් නියෝග!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW: අත්අඩංගුවට ගෙන සිටින හිටපු...